ඉන්දියාවෙන් පැන ආ පුද්ගලයෙක් සොයාගත් තැන

නීතිවිරෝධීව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පුද්ගලයෙක් මුල්ලියාවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය ලද තොරතුරක් මත එම පුද්ගලයා මුල්ලියාවේලි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.

එම පුද්ගලයා 2009 වසරේ දී කටුනායක ගුවන්තොටුපොළින් ඉන්දියාවේ චෙන්නායි බලා පිටව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පසුව ඉන්දියාවේ නාගපට්නම් ප්‍රදේශයේ ජීවත්ව සිට ඇති එම පුද්ගලයා 2021 මාර්තු මස 12 වන දින මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේ.

සැකකරු මාස දෙක හමාරක පමණ කාලයක් සැඟව සිට ඇති අතර, ඉන් අනතුරුව බුද්ධි අංශ තොරතුරු මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (11) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වසර 25කට පෙර මව් සෙනෙහස දුන් ලංකාවේ නාලනී සොයන ලෙබනන් පුතා

ලෙබනනයේ රමානියාහි පිහිටි . “ ඩාර් අල් බචීස් රෝහලේදි 1996 ජුනි 21 වැනි දින...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (27) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

පොලොන්නරු ජනතාව කියන්නේ මගේ පියාගේ හදවතයි.. – දහම් සිරිසේන වේදිකාවේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයට සහ ජනතාවට ඉරියේදි එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා සූදානම් බව දහම් සිරිසේන...

රංගන ශිල්පී සංජනා හොඳම යාළුවාට එරෙහිව පොලිසි යයි

කොළඹ නගරයේ පිහිටි කැසිනෝ ව්‍යාපාරයක ආයෝජනය කිරීමට යැයි පවසමින් සිය හොඳම මිතුරා තමාගෙන් ලබාගත්...

මෙරට ධනවත්ම පුද්ගලයා සමාජ මාධ්‍ය කැලඹමින් පුංචි කඩයකින් ආහාර ගත් හැටි

මෙරට ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා බේකරියක ආහාර ගනිමින් සිටින ඡායාරූප...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x