28 C
Colombo
Friday, September 17, 2021

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් ගැන තවදුරටත් විමර්ශන

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු සම්බන්ධයෙන් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මංගලූර් පොලීසිය තමිල්නාඩු පොලීසිය සමග එක්ව පසුගිය මාසය තුළ මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මොවුන් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස කැනඩාවට සංක්‍රමණයවීම සඳහා සූදානම්ව සිට ඇති බව සඳහන්ය.

එක් පුද්ගලයෙකු ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දී මෙලෙස කැනඩාවට යෑමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.

මංගලූර් නගර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියට භාර දී තිබේ.

මෙම පිරිස පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වී ඇති බවද සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

අනුරාධපුර බන්ධනාගාරයේ ඇමතිවරයෙක් සිරකරුවන් දණගස්වා හිසට පිස්තෝලය තියලා

හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට පැමිණි ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු අනුරාධපුර බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරී ඇති බව සමගි ජන...

වැලිකඩ බන්ධනාගාරය අසල ඔත්තු බැලූ අයෙකුට සිදු වු දේ

අද (13) පෙරවරු කාලයේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ආසන්නයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන...

ලංකා රෝහලෙන් හමුවූ අත්බෝම්බයේ සුලමුල එළියට

නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක තිබී හමුවූ අත් බෝම්බය සහ කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා...

පාසල් ගුරුවරුන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

මාර්ගගත ක්‍රමය ඔස්සේ  ලබාදෙන අධ්‍යාපන කටයුතු නවතන ලෙස පාසල් ගුරුවරුන්ට කුමන ආකාරයකින් හෝ තර්ජනය...

තවත් ආසාදිතයන් 1,755ක්.

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,755ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x