26 C
Colombo
Saturday, May 15, 2021

ඉන්දියාව තුළ කොවිඩ් වසංගතය උග්‍ර වීමත් සමඟ කුම්භමේලා ආගමික උත්සවය නතර කරයි

ඉන්දියාව තුළ කොවිඩ් වෛරස් ව්‍යාප්තිය උත්සන්නවීමත් සමඟ ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේ හරිද්වාර් හි පැවැත්වෙන කුම්භමේලා ආගමික උත්සවය නතර කිරීමට එහි ප්‍රධාන පූජකතුමන් තීරණය කර තිබෙනවා.

ස්වාමි අවුදෙෂාන්ද් ගිරි එම තීරණයට එළඹුණේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදුකළ ඉල්ලීමකින් අනතුරුවයි.

කුම්භමේලා උත්සවය සංකේතාත්මකව පමණක් සිදුකිරීම යෝග්‍ය බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව පසුගිය 01 වනදා ඇරඹුණු කුම්භමේලා උත්සවය එය ලබන 30 වනදා දක්වා මාසයක කාලයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබුණත් ඊයේ අවසන් කෙරුණා.

ගංඟා නදියේ හිස ගිල්වා පව් සෝදා හැරීමේ කුම්භමේලා චාරිත්‍රය අනාදිමත් කාලයක සිට සිදු කෙරෙන කටයුත්තක් වනවා.

ඊයේ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් දෙලක්ෂ 34,692 ක් වාර්තා වූ අතර, එය, මෙතෙක් ඉන්දියාවෙන් වාර්තාවූ වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාවයි.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි හතළිස් පන් ලක්ෂය ඉක්මවනවා.

ඊයේ වාර්තාවූ තවත් මරණ 1,341 ක් සමඟින් එරට කොරෝනා මරණ සංඛ්‍යාවද 175,000 ඉක්මවූවා.

කොවිඩ් ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුවන මහරාෂ්ඨ ප්‍රාන්තයේ පමණක් දෛනික ආසාදිත සංඛ්‍යාව 67,000 ඉක්මවීම විශේෂත්වයක්.

ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාවද මේ වනවිට තිස් ලක්ෂය ඉක්මවා ඇති අතර, ආසාදිත සංඛ්‍යාව දහ හතර කෝටි දහතුන් ලක්ෂයකට ආසන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොවිඩ් මාරයාගෙන් බේරෙන්න ගොම නාන මිනිස්සු – ජායාරූප

කොරෝනා වෛරසයෙන් බේරීමට හැකි බවට ඇති විශ්වාසයෙන් ඉන්දියාවේ ඇතැම් ජනතාව ගවයන්ගේ මල සහ මුත්‍රා...

ඉන්දියාවේ ගංගා නදියේ පාවී එන කොවිඩ් සිරුරු අල්ලන්න දැවැන්ත දැළක් එළයි

පාවී එන මළ සිරුරු ග්‍රහණය කර ගැනීමට ගංගා නදිය හරහා විශාල දැළක් එළීමට ඉන්දියාවේ...

චීන රොකට්ටුව පොළොවට කඩාවැටී ගිනිගන්නා වීඩියෝව එළියට

චීනය විසින් අභ්‍යාවකාශගත කළ ලෝන් මාර්ච් රොකට්ටුවේ සුන්බුන් කැබැල්ල ඉන්දියන් සාගරයට කඩා වැටීමේ වීඩියෝව...

ලාංකිකයන් පන්දහසකගේ ඉරණම ගැන BBC තැබූ සටහන

පලස්තීන – ඊශ්‍රායල ගැටුම් තවත් වටයකින් යළිත් මතු කරමින් දෙපාර්ශවය අතර පසුගිය දෙදින පුරා...

ආදාහනාගාරවල තබා ගන්නට බැරි කොරෝනා මළ සිරුරු යමුනා නදියේ පාවෙන හැටි

ඉන්දියාවේ කොරෝනා මළ සිරුරු ආදාහනය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුව ඇති අතර මළ සිරුරු අධිකවීම නිසා...

මරණ බයට වඩා ආසාව වැඩි වී කොරෝනා ආසාදිත කතකට රෝහලේ දී අතවර කරලා

කොරෝනා ආසාදිත කාන්තාවක් රජයේ රෝහලකදී පිරිමි හෙද නිලධාරියෙකු අතින් දුෂණය වීමෙන් පසුව මිය ගිය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x