31 C
Colombo
Sunday, April 18, 2021

ඉන්දීය සුපිරි කෝටිපති ව්‍යාපාරික අම්බානිගේ නිවස අසළ බෝම්බ පිරවූ රථයක්

ඉන්දීයාවේ ධනවත් ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ නිවස අසල අත්හැර දමා තිබූ මෝටර් රථයක තිබී අධි බැලැති පුපුරණ ද්‍රව්‍ය වර්ගයක් හමු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙම බෝම්බය පිළිබඳව පරික්ෂණ ආරම්භ කර ඇති බවට මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් පවසා ඇති අතර මෙයට සම්බන්ධ අයව වහා හෙළිවනු ඇති බව ද ඔහු අවධාරණය කර තිබේ. පොලීසිය විසින් සිදු කරන ලද මුර සංචාරයකදී මෙලෙස අත්හැර දමා තිබූ මෝටර් රථයක් හමු වී ඇති අතර ඔවුන් විසින් ඉන්දීය බෝම්බ නිෂ්ක්‍රීය අංශය ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් කර ඇත. මෙහි දී මෝටර් රථය පරික්ෂා කිරීමේ දී බෝම්බයක් නිර්මාණය කිරීමට ගන්නා පුපුරණ ද්‍රව්‍ය සහ අදාළ ද්‍රව්‍ය හමු වී ඇති අතර එය බෝම්බයක් ලෙස සකස් නොකර තිබූ බව ද පොලීසිය විසින් පවසා තිබේ.

එම ස්ථානයේ මේ වන විටත් දැඩි ආරක්ෂාවක් පනවා ඇති බව ද වාර්තා වෙයි. ඉන්දීය සුපිරි බිලියනපති මුකේෂ් අම්බානිගේ නිවස පිහිටා ඇත්තේ මුම්බායි නගරයේ සුපිරි ධනවතුන් සහ ඉහළ පෙළේ ජනතාවක් ජීවත් වන ප්‍රදේශයක වන අතර ඔහුගේ නිවස ලෝකයේ සුපිරි පෙළේ නිවස්වලින් එකක්ද වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ජනප්‍රිය දකුණු ඉන්දිය නළු විවේක් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ඉන්දිය නළුවෙකු වන විවේක් අභාවප්‍රාප්ත වී තිබෙනවා.ඔහු මිය වනවිට 59 හැවිරිදි වියෙහි පසු...

ලෝකයාගේ ආදරයට පාත්‍ර වූ පිලිප් කුමාරයාගේ අවසන් කටයුතු සිදු කරන හැටි මෙන්න

සමස්ත බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ ජන හදවතේ කුමාරයා ලෙස විරුදාවලිය යි පිලිප් කුමරුගේ අවසන් කටයුතු අද...

පිලිප් කුමරුගේ ජීවිතයේ සැඟවුණු ඡායාරූප ප්‍රසිද්ධ කරයි

මහා බ්‍රිතාන්‍ය රැජින වන දෙවන එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වූ පිලිප් කුමරුගේ මරණයත් සමඟ ඔහුගේ...

සජීවී මාධ්‍ය හමුවකදී ක්ලාන්තව ඇද වැටුණු නිලධාරිනිය (VIDEO)

ඩෙන්මාර්කයේ කොවිඩ් වෛරස සම්බන්ධයෙන් සජීවී මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වෙමින් තිබු අතර වාරයේදී ඊට එක්ව සිටි...

පාකිස්ථානයේ සමාජ මාධ්‍ය සියල්ල වසා දැමු හේතුව මෙන්න

WhatsApp, Facebook, Twitter සහ TikTok යන දුරකථන යෙදවුම් භාවිතය තාවකාලිකව අත්හිටුවීමට පාකිස්ථානය තීරණය කර...

ලොව දිගම කොණ්ඩය කැපි ගිය හැටි මෙන්න

ලොව දීර්ඝතම වරලසෙහි හිමිකාරීත්වය දරණ තරුණියක වන නිලන්ෂි චටේල් සිය කොණ්ඩය කපා දැමීමට තීරණය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x