ඉන්දුනීසියාවේ තෙල් පිරිපහදුවක විශාල ගින්නක්- පිරිසක් අතුරුදන්

ඉන්දුනීසියාවේ විශාලතම තෙල් පිරිපහදුවක ඇතිවූ දැවැන්ත ගින්නක් මැඩපැවැත්වීමට ඉන්දුනීසියාවේ ගිනි නිවන භටයින් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රාජ්‍ය තෙල් සමාගමක් වන පර්ටමිනා විසින් පවත්වාගෙන යනු ලබන බැලොන්ගන් පිරිපහදුවේ ගින්න හටගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මෙම ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර නිවැසියන් 950 ක් පමණ ආරක්ෂාව සඳහා ඉවත් කර තිබෙන බවත් වාර්තා වනවා

කිහිපදෙනෙක් මෙහිදී අතුරුදහන් වී ඇති බවත් නිශ්චිත වශයෙන් ගණනය කළ නොහැකි බවත් සඳහන්

ගින්නට හේතුව තවමත් පැහැදිලි නැති බවත් වාර්තා වනවා

බටහිර ජාවා පළාතේ පිහිටි පිරිපහදුවට ඉහළින් දුමාරයක් ඉහළ යාමත් සමඟ සඳුදා(29) උදෑසන ගින්න තවමත් ඇවිළෙමින් පවතින බවයි වාර්තා වන්නේ

කලාපීය ආපදා කළමනාකරණ ඒජන්සිය පවසා තිබෙන පරිදි බරපතල පිළිස්සුම් තුවාල සහිත පුද්ගලයින් පස් දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
6
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මුල්ලේරියාවේ සිදුවූ අභිරහස් ඝාතනයේ සුලමුල CCTV දර්ශනවලින් හෙළිවෙයි

මුල්ලේරියාව පොලිස් වසමේ දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී අද (26) සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් එම නිවසට...

පාකිස්ථානය ඉන්දියාවට එරෙහිව ලැබූ විශිෂ්ඨම ජයග්‍රහණය

ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයේදී ඉන්දියාව කඩුලු 10කින් පරාජය කරමින්...

කොවිඩ් මාරයා නැවතත් හිස ඔසවයි

ජර්මනියෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇති බව එරට සෞඛ්‍ය...

ටියුෂන් පන්ති අරඹන දිනය දැනුම්දෙයි

ලබන නොවැම්බර් 01වැනිදා සිට උපකාරක පන්ති පැවැත්වීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවසර ලබා දී...

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ජනපති කළ ඉල්ලීම

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම සාකච්ඡා කර විසඳාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x