ඉන්ස්ටග්‍රෑම් ගැහැණු ළමුන් අනතුරේ දායි

ෆේස්බුක් සමාගමේ සමාජ මාධ්‍ය මෙවලම් තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍ය සඳහා බලපෑම් කරන ආකාරය පිළිබඳව ෆේස්බුක් ආයතනයේ ප්‍රධානීන්ව අමෙරිකාවේ සෙනෙට් මණ්ඩලය ඉදිරියට කැඳවා කරුණු විමසීමක් සිදුකර තිබේ.

ෆේස්බුක් සමාගමේ “ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී” ඇන්ටිගොනී ඩේවිස් ව ඊයේ(30) සෙනෙට් මණ්ඩල කමිටුවක් ඉදිරියට කැඳවා ප්‍රශ්නකර තිබුණි.

ෆේස්බුක් සමාගම තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් සීමාව ඉක්මවා කටයුතු කරන බවට සෙනෙට් මණ්ඩලය විසින් චෝදනා එල්ල කර තිබේ.

විශේෂයෙන් ම එම සමාගම සිදුකර තිබූ අභ්‍යන්තර පර්යේෂණයකින් හෙළිවී තිබුණේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය මෙවලම හේතුවෙන් යෞවනියන්ට අතිශය බරපතළ බලපෑම් සිදුව ඇති බවයි.

ගැහැණු ළමුන් අතර මානසික ආතතිය වර්ධනය වීමට ඉන්ස්ටග්‍රෑම් හේතුවී ඇති බව සෙනෙට් සාමාජිකයන් පවසයි.

ෆේස්බුක් ආයතනය එම පර්යේෂණ වාර්තාවෙන් හෙළිවූ කරුණු පවා නොසලකා හැර ඇති බව සෙනෙට් මණ්ඩල සාමාජිකයන් පෙන්වා දී තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
5
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලංකාවට බැන්න සුද්දා ට වැඩේ වරදියි (වීඩියෝ)

ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට හා නියෝජිත ආයතනය සම්බන්ධ කරගැනීමට නොහැකිවීම හේතුවෙන් ආපසු හැරීයාමට සිදු...

ඔන්ලයින් නිසා සැලකිය යුතු සිසුන් පිරිසක් පාසල් අත්හැරීමේ ප්‍රවණතාවක්

ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමය හේතුවෙන් දරුවන් බොහෝ දෙනෙකු අන්තර්ජාල ක්‍රීඩා සඳහා යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට...

වට්ස්ඇප් භාවිතා කරන අයට හදිසි දැනුම්දීමක්

ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ජංගම දුරකතන ඔස්සේ වට්ස්ඇප් පණිවිඩ හුවමාරු සේවාව භාවිත කරන සැමගේ පණිවිඩ...

කාන්තාවක් දරු දෙදෙනා සමඟ ගොඩනැගිල්ලෙන් බිමට පනියි

රුසියාවේදී හමුදා නිලධාරියෙකුගේ බිරිඳ සිය දරුවන් දෙදෙනා සමඟ සියදිවි නසාගෙන තිබෙනවා. කාන්තාව අවුරුදු තුනක්...

ගුරු වර්ජනය මර්දනය කල යුතුයි.. නැතොත් රට දියුණ කරන්න බෑ..

රජයේ ගන්නා තීරණ වලට වෘත්තිය සමිති එකඟ නොවන්නේ නම් රාජ්‍ය බලය යොදා එම වෘත්තිය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x