ඊලෝන් මස්ක් – කොටස් බිලියන 5 ක් විකුණා දමයි

ලොව ඉහළම වටිනාකම සහිත මෝටර් රථ නිෂ්පාදකයා වන ටෙස්ලා සමාගම එහි කොටස් ඩොලර් බිලියන 5 ක් අලෙවි කර තිබෙනවා.

සමාගම් ප්‍රධානී ඊලෝන් මස්ක් සඳහන් කර ඇත්තේ ඔහුගේ මිලියන 63 ක පමණ ට්විටර් පරිශීලකයන්ගේ මත විමසුමට අනුව එම තීරණය ගත් බවයි.

ටෙස්ලා සමාගමේ කොටස් වලින් සියයට 10 ක් අළෙවි කළ යුතු යැයි විමසා දින කිහිපයකට පසු සමාගමේ කොටස් සියයට 16 කින් පමණ පහත වැටී ඇති බව විදෙස් විචාරකයන් පෙන්වා දෙනවා.

මත විමසුමේදී මිලියන 3.5 කට වඩා වැඩි ප්‍රමාණයක් ඡන්ද ප්‍රකාශ කර තිබූ අතර ඉන් සියයට 58 ක පමණ පිරිසක් සමාගමේ කොටස් අලෙවි කිරීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්