උත්සව සමයේ දින දෙකක් තුළ රිය අනතුරු මරණ 30 ක්

අලුත් අවුරුදු සමයේ ගතවූ ගතවූ දින දෙකක කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 30 ක් වාර්තාවනවා. එමෙන්ම 150 කට අධික පිරිසක් එම අනතුරුවලින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. මෙම අනතුරුවලින් බහුතරයක් යතුරුපැදි අනතුරුවීම විශේෂත්වයක්. එමෙන්ම ත්‍රිරෝද රථ සහ මෝටර් රථ අනතුරුද ඉහළ මට්ටමක පවතිනවා. සිදුවූ අනතුරුවලින් සියයට 80 ක ප්‍රතිශතයක් වාහන එකිනෙක ගැටීමෙන් සිදුවූ ඒවායි. අධික වේගයෙන් රිය ධාවනය අනතුරු බොහොමයකට හේතුවී ඇති අතර, රියදුරුට නින්දයාම සහ කාර්මික දෝෂද එම අනතුරුවලට හේතුවී තිබෙනවා.

මේ අතර මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසන්නේ නිසි වේලාවට ගමන් ආරම්භ නොකිරීමෙන් ඇතිවන ප්‍රමාදය නිසා, වේගයෙන් රිය ධාවනය කිරීම අනතුරු බොහොමයකට හේතුවී ඇති බවයි.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සුදුලූණු වංචාවට ලොක්කෙක්ගේ පුතෙක් අත්අඩංගුවට

ඊයේ (22) දිනයේ දී සතොස සුදුලූණූ වංචාවට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ...

ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර කීර්තියට පත් කළ ප‍්‍රථම කාන්තාව රුක්මණීදේවි අපට අහිමි වී වසර 43 යි

සිංහල සිනමාවේ ප‍්‍රථම නිළි අග රැජිණිය සහ ප‍්‍රථම චිත‍්‍රපට පසුබිම් ගායිකාව වූ රුක්මණිදේවි මියගොස්...

ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට අලුත් අභියෝගයක්

හෙට (25) දිනයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ්...

කුරුල්ලෙකු ගැටීමෙන් ගුවන් යානයේ නාසයට දැඩි හාණි

ඉබේරියා ගුවන් සේවයට අයත් A350වර්ගයේ මගී ගුවන්‍ යානයක් අහසේදී අකරතැබ්බයකට මුහුණ දුන්නේය. ඒ පක්ෂියෙකු...

ශ්‍රී ලංකාවට ලකුණු 172ක ඉලක්කයක්

මේ වන විට පැවැත්වෙන බංගලාදේශ සහ ශ්‍රී ලංකාව අතර 20යි 20 ක්‍රිකට් තරඟයේ පළමුවෙන්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x