උද්ඝෝෂකයින්ට ප්‍රහාරයක්

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසක් සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් අතර අද (27) වීරගොල්ල ප්‍රදේශයේදී නොසන්සුන් තත්ත්වයක් හටගත් අතර පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබුණි.

ඒ ප්‍රමිතියෙන් තොර මාර්ගයක් ඉදිකිරීමට විරුද්ධව පැවැත්වූ උද්ඝෝෂණයක් මුල්කර ගනිමිනි.

බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පින්නගොල්ල සිට වීරගොල්ල ගම්මානය හරහා ඉදිවෙන එම මාර්ගය කිසිදු ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම සිදුකර ඇතැයි පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු ප්‍රදේශවාසින් පිරිසක් එම විරෝධතාව පවත්වා තිබුණි.

විරෝධතාවය අතරතුර රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණීමෙන් පසු එම උණුසුම් තත්ත්වය ඇතිවිය.

පසුව පොලීසිය මැදිහත්වීමෙන් තත්ත්වය පාලනය කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රට විවෘත කරන කාලය ගැන වෙළෙඳ ඇමතිගෙන් ප්‍රකාශයක්

එළඹෙන සැප්තැම්බර් මාසය වන විට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් ලබාදී අවසන් කරන...

තවත් කොරෝනා මරණ 48ක්…

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 48ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව මෙරට කොවිඩ්...

ලංකාව ආක්‍රමණය කරන ඩෙල්ටා ප්‍රභේදය ගැන භයානක හෙළිදරව්වක්

උෂ්ණත්වය වැඩිවීම නිසා ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව...

උස්බෙකිස්ථානයේ සුන්දර තරුණියන්ගේ පහස ගන්න, ව්‍යාපාරිකයින්, මැති ඇමතිවරු සහ ක්‍රීඩකයින් රෑට රෑට බඩගාපු තිත්පොළ

කරුණා අම්මාන් දැනට වසර කිහිපයකට ඉහතදී විදෙස්ගත විය. ඒ උස්බෙකිස්තානය බලා රැකියාවක් කිරීම සඳහාය....

රෝහල් සියයක් ඉදිරිපිට කෑම පැයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක්

හෙද සේවාවේ එකදු ඉල්ලීමකටවත් අවසාන විසඳුමක් මෙතෙක් ලබානොදීමට එරෙහිව දිවයින පුරා රෝහල් සියයක් ඉදිරිපිට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x