එංගලන්තයට දෙවන එක්දින තරඟයෙනුත් කඩුලු 8ක් ජයක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන එක්දින තරඟයෙන් කඩුලු 8ක් ජයක් තමන් සතුකරගැනීමට එංගලන්තය සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමේ  Jason Roy සහ Jonny Bairstow එක්ව සාර්ථක ආරම්භයක් ලබාගත්තා.

එහිදී  Jason Roy පන්දු 52කදී ලකුණු 60ක් රැස්කරගත්තේ හතරේ පහර 10ක් සමගින්.

Jonny Bairstow ලකුණු 29 යි.

අනතුරුව පිටියට පිවිසි Joe Root සහ නායක Eoin Morgan එක්ව එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වුනා.

හතරේ පහර 5ක් සමඟ පන්දු 87කදී Joe Rootගේ පිත්තෙන් එංගලනත්යට ලකුණු 68ක් එක්කලා.

නායකත්වයේ අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් එක් හයේ පහරක් සහ හතරේ පහර 8ක් එල්ලකරමින් Eoin Morgan රැස්කළ ලකුණු සංඛ්‍යාව 75ක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චාමික කරුණාරත්න සහ වනිදු හසරංග එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූවා.

කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 241ක් රැස්කරගත්තා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ලකුණු 91ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළා.

පන්දු 91කදී ඔහු රැස්කරගත් මෙම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 13ක් ඇතුලත්.

කෙසේ වෙතත් සිය එක්දින මංගල ශතකය පෙනෙන තෙක් මානයේ තිබියදී ඔහු දැවී ගියේ Willeyගේ පන්දුවකට Root අතට උඩපන්දුවක් ලබාදෙමින්.

ඉදිරිපෙළ බිඳවැටෙද්දී ඔහුට සවියක් වූ වනිදු හසරංග ලකුණු 26කින් තම දායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නා.

අනතුරුව පිටියට පිවිසි දසුන් ශානක අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 47ක් රැස්කරගත්තා.

ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 2ක් ඇතුලත්.

චාමික කරුණාරත්න ලකුණු 21කට දැවී ගියා.

සුපුරුදු ලෙස එංගලන්ත පන්දු බලඇණිය ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑමක් එල්ලකර අතර එහි Sam Curran පෙරමුණේ සිටියා.

ඔහුගේ පන්දුවාර ඇතුලත ශ්‍රී ලංකාවට ලකුණු 48ක් හිමිවුවද ආරම්භක පිතිකරු නායක කුසල් ජනිත් ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් 5ක් නරඹන්නන් බවට පත්කිරීමට ඔහු සමත් වුනා.

ඔහුට නොමද සහයක් ලබාදුන් David Willey පන්දුවාර 10කදී ලකුණු 64කට කඩුලු 4ක් දවාගනිමින් සිය මෙහෙය එංගලන්තයට ලබාදුන්නා.

ශ්‍රී ලංකා ඉනිමේ සම්පූර්ණ ලකුණු සටහන පහතින්.

image 1
image 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්