එකම පවුලේ 6 ක් අනතුරක – තරුණ නිවේදිකාව මහමග මරුට

අද පැල්මඬුල්ල රත්නපුර මාර්ගයේ රිලාහේන ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් තරුණ දෙදරු මවක් මරණයට පත් වුණා. මෙසේ මරණයට පත්වී තිබෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරමින් සිටි විසිනව හැවිරිදි වියේ පසුවු උත්පලා සෙව්වන්දි නම් මාධ්‍ය අංශයේ ප්‍රවෘත්ති නිවේදිකාවයිි.

පැල්මඬුල්ල රත්නපුර මාර්ගයේ රිලාහේන ඉන්ධන හල අසලදී මේ අනතුර සිදුවුණේ ඊයේ සවස් කාලයේදී.ත්‍රීරෝද රථයේ රියදුරාට වේගය පාලනය කරගත නොහැකිව බස්රථයේ ගැටී ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ අවුරුදු 2ක නිවුන් දරුවන් ඇතුළු එකම පවුලේ 6 දෙනෙකු ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටියා. අනතුරින් මියගියේ එම දරු දෙදෙනාගේ මවයි. ඇගේ පියා ත්‍රීරෝද රථය පදවා ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ මියගිය කාන්තාවගේ දරු දෙදෙනාට අමතරව ඇගේ සැමියා සහ මාමණ්ඩිය ද සිටියා. ඔවුන්ට ද තුවාල සිදුවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ජවිපෙත් කුඹුරට බහී! විජිත කුඹුරෙ ඉඳන් මහින්දානන්දට පහර දෙයි!

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මොළෙන් නොව ඇගෙන් වැඩ කරන ඇමැතිවරයකු බව ජවිපෙ පාර්ලිමේන්තු...

රුපියල් 98 ට සහල් ගත හැකි තැනක් ගැන බන්දුල ගුණවර්ධන හෙලි කරයි

පොන්නි සම්බා කිලෝ එකක් සතොස මගින් රුපියල් අනූ අටකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි...

ඔෆිස් එකේදී දුන්නු හාදුවක් වට්ස්ඇප් එකේ ලීක් වෙලා, කොරෝනා අස්සෙ පුද්ගලයෙකුට සිද්ධ වෙච්ච අකරතැබ්බය

කාර්යාලයීය සහෝදර සේවිකාවට උපන් දිනය දා දුන් හාදුවෙන් සිය බිරිය සිය භාරයට ගැනීමට සතියක්...

ගුරු – විදුහල්පති වර්ජනය ගැන අලුත්ම තීරණය මෙන්න

පුරා මාස 03කට අධික කාලයක් දිවෙන ගුරු - විදුහල්පති වර්ජනය අවසන් නොකිරීමට එම වෘත්තීය...

සංචරණ සීමා හරියට රැක්ක දේශීය සංචාරකයෝ

දිර්ඝ නිවාඩුවත් සමග නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතන සහ නවාතැන් පහසුකම් ලබාදෙන නිවාඩු නිකේතන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x