එක්දින තරගාවලියේ ජයත් කොදෙව්වන්ට

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඵැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 3ට බින්දුවක් ලෙසට ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හැකි වුණා. ඒ දෙරට අතර පැවති අවසන් තරගය කඩුලු 5කින් ජය ගනිමින්. කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 274ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ වනිඳු හසරංග නොදැවී ලකුණු 80ක් ලබාගත්තේ සිය පළමු එක්දින අර්ධ ශතකය ද වාර්තා අතරට එක් කරමින්. පන්දු 60ක් තුල ඔහු රැස් කළ ලකුණු 80ට 4 පහර 7ක් සහ 6 පහර 3ක් ඇතුලත්. විශේෂත්වය වන්නේ ඔහු අවසන් පන්දු වාරය තුල ලකුණු 20ක් රැස් කිරීමයි.

අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 55ක් ලබාගත්තා. ධනුෂ්ක ගුණතිලක 36යි’ නායක දිමුත් කරුණාරත්න ලකුණු 31ක් රැස් කළා. කෙසේවෙතත් පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඩැරන් බ්‍රාවෝ ලකුණු 102ක් ලබාගත්තේ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ද සමගින්.

නායක කිරන් පොලාඩ් ලකුණු 53යි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර 20යි 20 තරග 3ක් පැවති අතර එම තරගාවලිය ද 3ට බින්දුවක් ලෙසට ජයගත්තේ කොදෙව් කණ්ඩායමයි. ශ්‍රී ලංකා කොදෙව් ටෙස්ට් තරගාවලිය ලබන 21වනදා ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

නැවතත් කොවිඩ් රැල්ලක් සෞඛ්‍ය අංශ මගින් අනතුරු ඇඟවීමක්

දෙසැම්බර් මාසය වන විට කොවිඩ් ආසාදිතයින් වාර්තාවිම යළි ඉහළ යාමේ අවදානමක් පවතින බවට මහජන...

රජයෙන් ජනතාවට නොමිලේ තේ පැල

වගා කිරීමට කැමැති ඕනෑම වගාකරුවෙකුට ලබන වසරේ සිට තේ පැල නොමිලයේ ලබාදීමට කටයුතු කරන...

ජාතික රූපවාහිනියේ සේවකයින් වැටුප් ඉල්ලයි

ජාතික රූපවාහිනි සංස්ථාවේ සේවකයින් පිරිසක් සිය ඔක්තෝම්බර් මාසයේ වැටුප් ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවයක්...

ඇමති නාමල් සහ ප්‍රසන්න වැලි කඳු අතර දුෂ්කර ගමනක

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය අද විවෘත කෙරුණා. කලම්බු ඩියුන්ස්...

දින 02ක් අඳුරේ ඉන්න සුදානම් වෙන්න

මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව 29 වැනි දින කොළඹ දී ජාතික සභාවක්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x