එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පසු කැස්බෑවුන් 176ක් මරුට

එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර විනාශය හේතුවෙන් මුහුදු කැස්බෑවුන් 176 දෙනකු තල් මසුන් 04 දෙනෙකු සහ ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි නීතිපතිවරයා අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා එම දැනුම් දීම සිදුකළේය.

එම සත්ත්ව මරණ වාරකන් කාලය හේතුවෙන් සිදු වී ඇති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කර තිබුණත් ඒවා පිළිගත නොහැකි බව පැවසූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම මරණ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය හේතුවෙන් සිදු වූ බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය විසින් පත්කරන ලද විශේෂඥයින් 39 දෙනෙකුගෙන් යුත් කමිටුව මඟින් ද නිර්දේශ කර ඇතැයි සඳහන් කළේය.

එම සත්ත්ව මරණවලට අදාළව දිවයින පුරා පිහිටි අධිකරණ 26ක විමර්ශන කටයුතු පැවැත්වෙන අතර එම සත්ත්ව මළ සිරුරුවල කොටස් විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

ඊට අමතරව එම සත්ත්ව මරණ පිළිබඳව නාරා ආයතනය කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන ගණනාවක් හරහා පරීක්ෂණ සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

හාල් පොල් අඩු කරනවා වගේ ඉන්ධන මිල අඩු කරන්න බෑ..- මුදල් ඇමති

හාල් පොල් මිල අඩු කරන්නා සේ ඉන්ධන මිල දේශීය මැදිහත් වී පහළ දැමීමට අසීරු...

නිදන කතුන් සොයා නිවෙස්වලට රිංගූ තරුණයා කළ අමුතු වැඩේ මාට්ටු

නිවෙස්වලට හොර රහසේ ඇතුළු වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.මෙම පුද්ගලයා අත්අඩංගුවට...

රට විවෘත කරන දිනය ඇමැති බන්දුල කියයි

මෙරට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත ලබා දුන් පසු රට සම්පූර්ණයෙන්ම විවෘත...

මරාගෙන මැරෙන බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවට බදියුදීන් දුන් අනුග්‍රහය හෙළි වේ

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට අයත් තඹ...

නිලධාරීන් දසදහසකගෙන් සමන්විතව දිවයින පුරා කෙරෙන විශේෂ මෙහෙයුම

දීර්ඝ සති අන්තය නිමිත්තෙන් පළාත් මායිම් අතර සිදු කෙරෙන විශේෂ පොලිස් මෙහෙයුම් සඳහා එක්...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x