25 C
Colombo
Tuesday, April 13, 2021

එක දවසට මරණ 4000ක් වාර්තා වූ රට

පළමු වරට පැය 24 ක් තුළ බ්‍රසීලයෙන් කොවිඩ් ආශ්‍රිත මරණ 4,000 කට වඩා වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. රෝහල් තදබදයෙන් පිරී ඇති අතර ඇතැම් නගරවල ප්‍රතිකාර සඳහා ජනතාව බලා සිටින අතරතුර මිනිසුන් මිය යන බවද වාර්තා වනවා

එරට සෞඛ්‍ය පද්ධතිය බොහෝ ප්‍රදේශවල බිඳවැටීමේ අනතුරුදායක තත්ත්වයක පවතින බවද සඳහන්. බ්‍රසීලයේ මුළු මරණ සංඛ්‍යාව මේ වන විට 337,000 ක් පමණ වන අතර එය එක්සත් ජනපදයට පමණක් දෙවැනි වන බවයි වාර්තා වන්නේ

පවතින තත්ත්වය මැඩපැවැත්වීම සඳහා වන ඕනෑම අගුලු දැමීමේ පියවරකට ජනාධිපති බොල්සනාරෝ (Jair Bolsonaro) දිගින් දිගටම විරුද්ධ වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා

ආර්ථිකයට සිදුවන හානිය වෛරසයේ බලපෑමට වඩා දරුණු වනු ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබෙන අතර, පළාත් පාලන ආයතන විසින් අධිකරණය තුළ පනවා ඇති සමහර සීමාවන් ආපසු හැරවීමට ජනාධිපතිවරයා උත්සාහ කර තිබෙනවා

ඊයේ (06) නිවසින් පිටත රැඳී සිටි ආධාරකරුවන් අමතමින් ජනාධිපතිවරයා, නිරෝධායන ක්‍රියාමාර්ග විවේචනය කර තිබෙන අතර ,පසුගිය පැය 24 තුළ වාර්තා වූ මරණ 4,195 ගැන ඔහු කිසිවක් ප්‍රකාශ කර නැති බවද වාර්තා වනවා

මේ දක්වා බ්‍රසීලයේ කොරෝනා වෛරස් රෝගීන් මිලියන 13 කට වඩා වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
14
කුජීතයි !
0
මලපනිනව !
2
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ගිනස් පොතට ගිය නිය

ලොව දිගම නියපොතුවලට හිමි ගිනස් වාර්තාව පිහිටවූ, අයන්නා විලියම්ස් සිය නියපොතු කපා ඇති බව...

කිරුළක් වෙනුවෙන් ලංකාවේ රූ රැජිනියන් ගැටෙද්දී මියන්මාරගෙන් ලොවට ලැබුණු ආදර්ශය

මේ වන විට මෙරට මාධ්‍ය අතර විශාල කතා බහක් වී ඇති මාතෘකාව වන්නේ විවාහක...

ලෝකයම ආදරය කළ ඔෂින් කතාමාලාවේ රචිකාවිය මිය යයි

ඔෂින් කියන්නේ මුළු ලෝකයේම වයස් භේදයකින් තොරව ජනතාව වැළඳ ගත් ආදරණිය කතාවක්. මේ කතාව...

අන්තර්ජාලය කැළඹූ ඡායාරූපයේ සුළමුළ සොයාගත්තේ මෙහෙමයි

නිල් චිත්‍රපට කර්මාන්තය කියන්නේ ලෝකයේ වැඩිම ආදායම් උපයන වෘත්තියක් කිව්වොත් හරි. මේ කර්මාන්තය හරහා...

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු මීට ටික වේලාවකට පෙර අභාප්‍රාප්ත...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x