29 C
Colombo
Monday, June 21, 2021
logo

එන්නත ගන්න නොසුදුසු පිරිසක් ගැන වසංගත රෝග අංශයෙන් නිවේදනයක්

කොවිඩ් 19 මර්ධන එන්නත සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය විශේෂ පැහැදිළි කිරීමක් සිදු කොට තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ කොවිඩ් 19 රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම සුදුසු නොවන බව යි.

එලෙස රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් එන්නත ලබා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි ඔහු පවසන්නේ.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

“යම් කෙනෙක් ආසාදිතයෙක් නම් ඒ ආසාදිතයා ගිහින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. මොකද දැනටමත් ඔහුගේ ශරීරය තුළ වෛරසය තිබෙන නිසා. ඒ නිසා දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිත වෙයි කියලා සැක කරන අයට මේ එන්නත් ලබාදීම අපි ප්‍රමාද කරනවා. කොවිඩ් රෝග ලක්ෂණ වසන් කරලා එන්නත ගැනීමෙන් ද ප්‍රයෝජනයක් නෑ. එය සුදුසු නෑ”

ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට රැගෙන යන කොවිඩ් 19 ආසාදිතයින් දින 10ක් පසු වූ පසු නැවත නිවෙස්වලට එවීමේ හේතුව ද ඔහු පැහැදිළි කළා.

“කොවිඩ් -19 ආසාදනය වුණාට පස්සේ ඔහුට රෝග ලක්ෂණ නැති නම් හෝ සුළු රෝග ලක්ෂණ පමණක් තිබේ නම් ඔවුන්ගේ වෛරසයේ තියෙන බලපෑම, ඒ වෛරසයෙන් තවත් කෙනෙකුට ආසාදනය වෙන්න තියෙන බලපෑම් දින 10ත් 14ත් අතර කාලයකදී සම්පූර්ණයෙන්ම නැතුව යනවා. ඒ නිසා අපි රෝහල්වලට සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කරන ආසාදිත නමුත් රෝග ලක්ෂණ නැති අය දින 10කින් නිවෙස්වලට පිටත්කර හරිනවා. ඔවුන් තවත් දින 4ක් නිවසේම රැඳී සිටිය යුතුයි. ඒ දින 14 ගත වුණාට පසුව ඔවුන්ට දෛනික කටයුතු කරගන්න පුළුවන්”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
7
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
4
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
5
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
6
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
9
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

දෛනික ආසාදිතයින් 1,800 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ  1,835 දෙනෙකු අද (17) වාර්තාවූ බව ඇති බව යුද...

රාජ්‍ය ආයතන සඳහා සේවකයින් ගෙන්වා ගත යුතු ආකාරයේ වෙනසක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ(20) දිනයේදී නිකුත් කරන ලද සංචරණ සීමා ලිහිල් කිරීමේ...

කොවිඩ් මරණ දත්ත ගැන ජනපතිගෙන් විවේචනයක්

මියගිය අයගේ පවුල්වල සමීපතමයින් මුහුණදෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන කොවිඩ් නොවන හේතූන්...

ශානි සහ සුගත් මුදාහරින්නැයි නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන...

මත්පැන් කියා බැට්රි ඇසිඩ් බීලා

ලොරි රථයක බැටිරිය අක්‍රියවිම නිසා බැටිරි ඇසිඩ් මාරුකිරිමට පැමිණි තිදෙනකු සමග මත්පැන් පානය කරමින්...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x