30 C
Colombo
Sunday, April 11, 2021

එළැඹෙන පාස්කු ඉරුදිනට විශේෂ ආරක්ෂාවක්

එළැඹෙන පාස්කු ඉරුදින ඉලක්ක කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසනවා.

මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙ යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත සිදු කෙරීමට නියමිතයි.

තවද පොලිස්පතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් දැනුවත් කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බවත් අදාළ නියෝග අවශ්‍ය අංශ වෙත යොමු කර ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා කියා සිටියා.

පාස්කු සතිය පුරා කතෝලික දේවස්ථාන ප්‍රසිද්ධ හෝටල් ඇතුළු ස්ථාන රැසකට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට සැලසුම් කර ඇති බව කියා සිටි ඒ මහතා ඒ සදහා ත්‍රිවිධ හමුදාව පොලිසිය, සිවිල් ආරක්ෂක හමුදාවද සහායට එක්වෙන බවද සඳහන් කළා.

පාස්කු ඉරුදින දේව මෙහෙයන් ට එක්වන බැතිමතුන්, මෙන්ම ප්‍රසිද්ධ හෝටල්වල රැදී සිටින්නන්ට ආරක්ෂාව ලබා දීම මෙහි අරමුණ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත...

දියවන්නා ඔයේ ජලයට මල අපද්‍රව්‍ය මුසුවෙලා – කථානායක මහින්ද යාපා

දියවන්නා ඔයේ ජලයට මල අපද්‍රව්‍ය මුසුවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇකි බව...

කොරෝනා මරණ 586 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය 05ක් අද (05) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට...

සුනඛයෙකු උසිගන්වා පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකළ පුද්ගලයෙකු රිමාන්ඩ්

නිවසේ සිටි සුනඛයෙකු උසි ගන්වා සපා කෑමට සළස්වා රාජකාරි කටයුත්තක් සඳහා ගිය පොලිස් නිලධාරියෙකුට...

රන්ජන්ගේ මන්ත්‍රී අසුන පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිසමට දන්වයි

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x