26.9 C
Colombo
Tuesday, September 28, 2021

ඔබේ දරුවාත් ගේම් ගැහිල්ලෙන් බේරගන්න කරන්න ඕන දේ මෙන්න

ඔන්ලන් අධ්‍යාපනය ආරම්භ කළ දා සිට අන්තර්ජාල ක්‍රීඩාවලට (online games) ඇබ්බැහි වීමෙන් එක් දිනකට පමණක් මනෝ වෛද්‍ය සායනවලට දරුවන් තිදෙනකු පමණ යොමු කෙරෙන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පැවැසුවේය.

මෙරට අති බහුතරයක් කුඩා දරුවන් සහ නව යෞවනයන් ඉතාමත් භයානක ලෙස මෙම ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇති බවත් අතැම් කුඩා දරුවන් ස්නානය කරන අවස්ථාවේ පවා අන්තර්ජාල ක්‍රීඩාවල යෙදීමේ පුරුද්ද ඇතහැර ගැනීමට නොහැකිව ඇති බවත් හෙළ වී ඇතැයිද වෛද්‍යවරයා පවසයි.

නාගරික ප්‍රදේශවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන දරුවන්ද ක්‍රම ක්‍රමයෙන් මෙම ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇති අතර මෙම දරුවන් කෙරෙහි දෙමාපියන් ඉතාමත් අවධානයෙන් සිටිය යුතු යැයි පැවැසූ වෛද්‍යවරයා අන්තර්ජාල ක්‍රීඩාවලට ඇබ්බැහි වූ දරුවන් බහුතරයක්ම හැසිරෙන්නේ ඉතාමත් ප්‍රචණ්ඩකාරී ලෙස බවද කීය.හෙතෙම මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (26 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම ක්‍රීඩාවල යෙදීමට දීමට දෙමාපියන් අවස්ථාව ලබා නොදෙන්නේ නම් මෙම ඇතැම් දරුවන් සියදිවි හානි කරගැනීමේ මානසික මට්ටමකට පත්වීමටද ඉඩ තිබීම කනගාටුවට කරුණක් බව විශේෂඥ මනෝ වෛද්‍යවරයා අවධාරණය කළේය.
මෙවැනි දරුවන්ගේ සමාජ සම්බන්ධතා සමාජ කුසලතා ඉතාමත් දුර්වල බවත් තමන්ගේ පවුල සමගද ඔවුන් පවත්වන්නේ දුරස්ථ සම්බන්ධතාවයකි.

එකවරම ජංගම දුරකථනය මෙම දරුවන්ගෙන් ඈත් කිරීමෙන් ඔවුන් ඉතාමත ප්‍රචණ්ඩකාරී විය හැකි බැවින් ඔවුන් මෙයින් ගලවාගත යුත්තේ ඉතාමත් සූක්ෂම ලෙසය. දෙමාපියන් මේ අවස්ථාවේ කළ යුත්තේ දරුවා සමග වැඩි වෙලාවක් ගත කරමින් නිර්මාණශීලී ක්‍රියාකාරකම්වලට දරුවා යොමු කිරීම බවත් වෛද්‍යවරයා කියා සිටී.

අශිකා ජයවීර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
5
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වෛද්‍යවරියගේ මෝටර් රථයේ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරෙහි CCTV දර්ශණ

යතුරුපැදියක ගමන් ගත් පියෙකු සහ දියණියක අද (25) පෙරවරුවේ මෝටර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල...

වාහන දසදහසක් පොලිසියේ හිරවෙයි

පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන එම ස්ථානවල හා අධිකරණයට ඉදිරිපත් කර රඳවාගෙන සිටින වාහන බැඳුම්කරයක්...

අමාත්‍යංශයේ රුපියල් ලක්ෂ විස්සකින් ‘ගෙදරට ඇඳන් හයක් මිලට ගත්ත බව කියන’ ඇමති

කොරෝනා වසංගතයත් සමග රටම පීඩාකාරි තත්ත්වයට පත්ව ඇති අවස්ථාවක රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතා...

රට විවෘත කළ පසු ජනතාව හැසිරිය යුතු ආකාරය හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පහදයි

රට විවෘත කළ පසුව අවුරුදු සමයේදී මෙන් අප්‍රේල් වසන්තයක් උදා කරගෙන කටයුතු නොකරන්නැයි ජනතාවගෙන්...

රට විවෘත කිරිම ගැන හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසු රට විවෘත කිරීම පිළිබඳව යම් උපදෙසක් ලබාදෙනු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x