ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක් …

නව කොවිඩ් ප්‍රබේධය වන ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක් පමණ මේ වන විට වාර්තා වී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසයි.

වැඩි දුරටත් අදහස් දක්වන එතුමා ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්වලට ඔරොත්තු නොදෙන බවට මෙතෙක් පැහැදිලි සාක්ෂි ලැබී නොමැති බව ද පැවසීය.සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“ඔමික්‍රෝන් කියන ප්‍රභේදයේ, මේකේ විකෘතිතා 32ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ 23ක් වගේ, ඇල්ෆා ප්‍රභේදයේ 8යි වගේ. දැනට මේකෙන් මරණ වාර්තා වෙලා නෑ. මේ ඔමික්‍රෝන් කියන ප්‍රභේදය එන්නත් වලට ඔරොත්තු නොදෙනවයි කියලා පැහැදිලි සාක්ෂි දැනට නෑ.” වශයෙන් ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටියේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
5
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්