ඕනෑම ඇන්ජිමක් ගලවලා හදන ඇස් දෙකම අන්ධ හරි පුදුම මැකෑනික්

උපතින්ම අන්ධයකු වූ මගේ නම මලිත්‌ ජයතිලක. උපන්නේ දිවුලපිටියේ. ඒ 1984. මගේ අප්පච්චි ඉංග්ලිෂ්‌ වාහන මැකෑනිකල්‌ බාස්‌ කෙනෙක්‌. ඇස්‌ දෙකම උපතින්ම අන්ධ මම අප්පච්චි පස්සේමයි චැටිලා හිටියේ. වාසනාවන්ත විදිහට සතුටින්‌ පීවත්‌ චෙන්න දෛවය විසින්‌ කිසිම ඉඩක්‌ ලබා නොදුන්‌ දුරිවලතාවත්‌ ඒ හින්දම පීඩාවක්‌ උරැම වුණු කෙනෙක්‌ විදිහටයි මම මාව හඳුනගත්තේ.

පුංචි කාලේ අප්පච්චි ගැරේජී එකේ වාහන හදන හඬ මට ඇහෙනවා. මම ඒ ශබ්ද අහගෙන ගැරේජ්‌ එකේ කොනක ඉඳගෙන ඉන්නවා. අම්මා තේ ගෙනත්‌ දෙනවා. දවල්ට කෑම පිඟාන දෙනවා…. ඟැරේජ්‌ එකේ සද්ද බද්ද අඩු වෙනවා…. අප්පච්චිගේ කටහඬ චෙනස්‌ වෙනවා….. එයා ආදරෙන්‌ “මයෙ පුතා… දැන්‌ නිදා ගනිං” කියලා කියනවා. මම මුළු දවසම ඔළුව හොල්ල හොල්ල ඉන්න එකට අප්පච්චි මනාප නැහැ. මට ලොකු අපේක්‍ෂා තිබුණේ නැහැ. මට ලොකු අපේක්‍ෂා තිබුණේ නැහැ. අඩුම ගානේ ලෝකෙ දකින්නවත්‌.

මම දැනගෙන හිටියා එහෙම අපේක්‍ෂාවක්‌ තිබුණත්‌ ඒක කවදාවත්‌ ඉටු වෙන්නේ නැහැ කියලා. මට අවුරුදු පහ විතර වෙද්දි අප්පචිචි මගෙන්‌ අහනවා… පොඩිඩෝ ගලවමුද ඇන්පිමක්වත්‌…. නිකන්‌ ඉන්න එකේ කියලා. මම පුරුද්දට ඔළුව වනනවා. අපේ පවුලේ මම බාලයා. අක්කලම තුන්දෙනෙක්‌. අප්පචිචි දවසෙම මහන්සි නොවුණොත්‌ අපි බඩගින්නේ. ඒ හින්දා මට බ්‍රේල්‌ ක්‍රමයට හරි අකුරු හුරු කරන්න තරමි ආර්ථික හයියක්‌ අප්පච්චිට තිබුණේ නැහැ. ඒ හින්දම මගේ කල්‍යාණ මිත්‍රයා, හිත හොඳ සභෝදරයා වුණේ අප්පච්චි.

ටික ටික මම වාහන ඇන්පීන්‌ ශබ්දවලට හුරු වුණා. වාහනයක්‌ ස්ටාර්ට්‌ එකේ ගෙදරට එනවා. එතකොට ඒ වාහනේ ඇන්ජින්‌ ශබ්දය චෙනස්‌.අයිතිකාරයෝ ඇවිත්‌ මෙන්‌ මෙහෙම ලෙඩක්‌ තියෙන්නේ කියලා කියනවා. අප්පචිචි ඒකට උත්තර දෙනවා. මට ඇහෙනවා ඇන්පීම බිමට බානවා. පරණ ටයර්‌ එකේ හුළං පාර බැහැලා යන හඬ නමයි අන්තිමට ඇහෙන්නේ. අප්පච්චි ඇන්පිම පළු කරන්න ගන්නවා. චතූර ගලා ගෙන යන ශබ්දයක්‌…. මට ඇහෙනවා. ඒ ඔයිල්‌. අප්පචිචිගේ දකුණු අත පැත්තේ නමයි ආයුධ තිබුණේ.වම්‌ අත පැත්තේ ඇන්පීන්‌ පළු. ඒ කියන්නේ ඇන්පීන්‌ කවරින්‌. ඉස්සරහින්‌ අලුත්‌ කෑලි. අප්පචිචි කාඩිබෝඩ්‌ එකක්‌ දාලා මාව දකුණු අත පැත්තේ වාඩි කර ගන්නවා.

පොඩි එකෝ නිකං ඉන්න එකේ ආයුධ අතට හුරු කර ගනින්‌” කියලා කියනවා. ඔන්න එක
එක යතුරු දැන්‌ මගේ අතේ. ඒ කාලයේ පුංචි, ස්පැනර්‌ තිබුණේ නැහැ. ඔක්කොම යතුරු.
අවුරුද්දක්‌ දෙකක්‌ යද්දි අප්පචිචි මගෙන්‌ දොළහෙ යතුර ඉල්ලනවා. මගේ අතට ඒ යතුර ආපහු දෙනවා. මම ඒක බිමින්‌ තියනවා.මේක දිගටම වුණා. ඔය වෙද්දි මට යතුරු අතට හුරුයි. ඇන්පිමක පළු ගලවද්දි, ආපහු හයි කරද්දි යතුරු වුචමනාවෙන පිළිවෙළක්‌ තියෙනවා. ඇන්පිමේ උඩ ඉඳලා ගත්තම පොඩි යතුරුවල ඉඳලා ලොකු යතුරුවලට,ඊට පස්සේ 12, 10 යතුරුවලින්‌ තමයි ඉතිරි රාජකාරී. ඇන්පින්‌ පළු කරනවා නම්‌ දැන්‌ මේ හරිය… හයි කරනවා නම්‌ ඒ මේ හරිය කියලා මම ශබ්දවලින්‌ තේරැම්‌ ගන්නවා.

ඇන්පිම ටියුන්‌ කරද්දී ඒ හඬත්‌ මට ඇහෙනවා. එහෙම වැඩ කරගෙන යද්දි අප්පච්චි ඊගාවට ඉල්ලන .යතුර මොකක්ද කියලා මම දන්නවා. ඒ යතුර වම්‌ අතට කලින්ම අරගෙන තියාගන්න මම හුරු වුණා. ! මගේ අප්පච්චි…. එයා, එයා දන්න ! දෙයින්‌ උපරිම ආශ්වාදයක්‌ ලබාගත්තු කෙනෙක්‌. බොහොම තියුණු විදිහට ඒක වින්ද කෙනෙක්‌. එයා දෙයක්‌ දුන්නේ කිසිම දෙයක්‌ බලාපොරොත්තුවෙන්‌ නොවී. එයාට වුවමනායි ! වැඩ කරද්දි කතා බහ කරන්න. වැඩ අවසන්‌ ,වුණාම පොඩියට අඩියක්‌ ගහන්න. එයා පරිපූර්ණ මනුස්සයෙක්‌. මම හැම වෙලාවකම අප්පච්ච්ිච මැන ගත්තේ ගැරේජ්‌ එකට එන අනිත්‌ මිනිස්සු එක්ක සන්සන්දනය කරලා. අප්පචිචි හිටියේ අසීමිත වුචමනාවන්ගෙන්‌ අවම තැනක. ඒ හින්දා මට චෙන කෙනෙක්‌ නොවූ අප්පච්චිම වෙන්න පුළුවන්‌ වුණා. බාගදා මට චෙන කිසිම චිකල්පයකුත්‌ නැති එක ඒකට හේතු චෙන්න ඇති.

දැන්‌ මගේ අතට අයුධ හුරුයි. අප්පචිචිගේ ඊළඟ ඉලක්කය මොකක්ද කියලා මම දැනගෙන හිටියම මට මම ගැනම ආඩම්බරයක්‌ දැනුණා. ඒ කියන්නේ එක ඇැන්පිමක්‌ නව නිර්මාණයක්‌ නම්‌ ඒ නිර්මාණයට මමත්‌ දායක වූණා වගේ හැඟීමක්‌.

යතුරු ටික තමයි මිනිස්සු ළඟට යන්න මට පාලමක්‌ හදා දෙමින්‌ හිටියේ. ඔළුව වන වනා පැත්තට වෙලා ඉන්නෙ නැතිව ඒ පාලම දිගේ යන්න ඕන කියලා මම ම තීරණය කළා.

දැන්‌ වම්‌ පැත්ත. ඒ කියන්නේ අප්පච්චිගේ චම්‌ පැත්ත. අතට ආයුධ හුරු වුණාට පස්සේ
අප්පච්චි මාව එයාගේ වම්‌ අත පැත්තෙන්‌ වාඩි කරගත්තා. ඇන්පජිමක්‌ ගලවද්දී මුල ඉඳලා
ගැලවෙන කොටස්‌ පිළිවෙළට තියා ගන්න හැටි, ඒවා අතට හුරුවෙන විදිහට හඳුනගන්න හැටි මට කියලා දුන්නා. ඔයිල්‌ සීල්‌ එකක්‌ කැඩිලා නම්‌, ටයිමින්‌ චේන්‌ එකක්‌ හරියට වැඩ කරන්නේ නැත්නම්‌, ඇන්පින්‌ එක බෝර්‌ කරන්න ඕන නම්‌ ඒවා අතපත ගාලම දැනගන්නේ කොහොමද කියලා තමයි අප්පච්චි මට හුරු කළේ. මුල ඉඳලා ඇන්පිමක්‌ පළු කරද්දී සාමාන්‍යයෙන්‌ කොටස්‌ කීයක්‌ එනවාද ඒ ඇන්පිමේ තියෙන මොන ලෙඩේට අදාළවද කියලා තමයි මම මුලින්ම ඉගෙන ගත්තේ. ආයුධ අතට හුරුවෙනවට වඩා වේගයෙන්‌ ඇන්ජින්‌ පළු
කිරිල්ල, ඒ පළු වෙන වෙනම හඳුන ගැනිල්ල මගේ අතට ඉක්මනින්‌ හුරු වුණා. සාමාන්‍යයෙන්‌ මුල්ම කාලයේ ඇන්පිමක්‌ පළු කරද්දී මට අපහසුතාවකට දැනුණේ ඒ ඇන්පිමේ නට්වල පිළිවෙල. 10 දිග නට්‌, 10 කඳ මහත නට්‌ ඒවගේ නට්‌ වර්ග අටක්‌, නවයක්‌ සමහර විට ඊටත්‌ වඩා ඇන්පිමකට එනවා. ඒ නට්‌ නියමිත තැනට වැටුණේ නැත්නම්‌ ඇන්පිම හයි කළත්‌ ආපහු මුල ඉඳලා ගලවන්න වෙනවා. ඒ වගේ අකරතැබ්බවලටත්‌ මම මුහුණ දුන්නා. හැබැයි අප්පචිචි මුල ඉඳලම මට ඒ දේවල්‌ කියලා ඳුන්නා. අප්පච්චිගේ දකුණු පැත්තේ ඉඳගෙන හිටිය මම ආයුධ ටික අතට හුරු කර ගත්ත වේගයෙන්ම වම්‌ පැත්තේ ඉඳුගෙන ඇන්ජින්‌ පළු හුුරු. අප්පච්චි ඉස්සරහ මුහුණට මුහුණ බලා ගෙන වාඩි වෙලා ඉද්දි වම දකුණු මාරු වෙලානේ.

ඔය ප්‍රශ්නෙ අවුරුදු කිහිපයක්‌ යනකන්‌ තිබ්බා. හැබැයි වැඩේ ඉගෙන ගන්න
චුචමනාවක්‌ තිබුණ හින්දම ඒක ලොකු ගැටලුවක්‌ වුණේ නැහැ. ඔය විදිහට තමයි මම ඇස්‌ දෙකම නොපෙනුණත්‌ වාහන ඇන්ජින්‌ එකක්‌ සම්පූර්ණයෙන්‌ ගලවලා ආපහු හයි
කරන්න ඉගෙන ගත්තේ. ඕනම මැනුවල්‌ වාහනයක ඇන්පිමක්‌ ගලවලා ඒ ඇන්පිම
නැවත සකසලා නිවැරදි විදිහට සවි කරන්න මට අද හැකියාව තිබෙනවා.

මගේ ඇස්‌ දෙක නොපෙනෙන එක ඒකට කිසිම බාධාවක්‌ නොවෙයි. ඇන්පින්‌ එක වාහනෙන්‌ බිමට බා ගන්නයි ආපහු ඇන්පීන්‌ එක වාහනයට හයි කරගන්නයි විතරයි මට කාගේ හරි සහායක්‌ අවශ්‍ය වෙන්නේ. දැන්‌ ඇන්පිම ගැන මම දන්නවා…..
ඇත්තටම දන්නවා. හැම මැනුවල්‌ ඇන්ජපිමක්ම මට කතා කරනවා. එයාලාගේ ලෙඩ මට
කියනවා. ඒ කියන්නේ මම බාස්‌ කෙනෙක්‌.


මිනිස්සු මට බාසුන්නැහැ කියලා කතා කරනවා.අර ඔළුව හොල්ල හොල්ල පැත්තකට වෙලා
වාඩි වෙලා හිටිය මට තමයි ඒ අය එහෙම කතා කරන්නේ. ඔය අතරතුර මම ලොකු වුණා.
අප්පච්චි වයසට ගියා. එයා අසනීප වුණා.එයාට වැඩ කර ගන්න බැරි වුණා. ගැරේජ්‌
එකේ සම්පූර්ණ වැඩ මට බාර වුණා. ඔය කාලෙදිම තමයි මාව පුදුමයට පත්‌ කරමින්‌
කවමදාවත්‌ මට හමුනොවේ යැයි හිතපු අමුත්තියක්‌ මගේ ජීවිතයට ආවේ. ඇගේ
පැමිණීමත්‌ පුදුමයක්‌. එහෙම දේවල්‌ ජීවිතවල සිදුවෙනවා. පළමු හමුවේදී ඇය මට ලොකු
බලපෑමක්‌ කළේ නැහැ. ඒත්‌ අපේ සම්බන්ධතාව කිට්ටු වෙද්දී අපි ගොඩාක්‌ ළං වුණා. එයා තමයි දැන්‌ මගේ ජීවිතේ ඇැන්පිම.

අරුමය කියන්නේ නිකන්‌ ලුහුටා යන තේරැමක්‌ තියෙන වචනයකටනේ. අරුමය එක්තරා
ආකාරයකට අද්භූතජනකයි. නැත්නම්‌ අදහාගත නොහැකියි. අනෙක්‌ විදිහට ගත්තම අරුමය කියන්නේ වේදිකාවක පෙන්වන මැපික්වලට සමාන දේකට. ඒක ඉන්ද්‍රජාලික අරුමයක්‌. අනෙක තමයි මම ප්‍රිය කරනා අරුමය. ඒ කියන්නේ ලියන කියන මනුස්සයෙක්‌ කවියක්‌ පිළිමයක්‌ රසවිඳින විදිහට අරුමය ඇන්පිමක්‌ මඟින්‌ රස විඳීම. අද්භතජනක අරුමය
කියන්නේ සුරංගනා කතාවලට. හැරිපෝටර්‌ වගේ කතාවලට. මැජික්‌ ඇත්තටම සිද්ධ වෙන
දෙයක්‌ විදිහටයි බලන්‌ ඉන්න අයට පේන්නේ.ඒක අහිංසක රැවටිල්ලක්‌. එහෙම නැත්නම්‌
සෙප්පඩ චිජ්ජාවක්‌. මම හිතන්නේ මම මේ කිසිම අරුමයකට අයිති නැති පුද්ගලයෙක්‌
කියලා. මගේ අයිතිය තියෙන්නේ මම නිරන්තර සතත අභ්‍යාසයෙන්‌ ප්‍රගුණ කරගත්‌ ආභාසයන්‌ තුළ. ඒ කියන්නේ යතුරු, ඇැන්ජින්‌ කෑලි තුළ.කොහොම වුණත්‌ මම බොහොම අභිමානයෙන්‌ කියනවා මම තමයි මේ ලෝකයේ ඉන්න උපතින්ම දෑස්‌ නොපෙනෙන එකම ඇන්පින්‌ බාස්‌ කියන එක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (17) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

පරාජය භාර ගන්න සුදානම් වෙන්න – යෝහානි

" පරාජය භාර ගන්න සූදානම් වන්න . එතැනින් ඉදිරියට යන්න පුළුවන්." යැයි ජාත්‍යන්තරව ප්‍රසාදයට...

ගයත්‍රී ඩයස් ලංකාවෙන් සමුගනී

ගයත්‍රී ඩයස් කියන්නේ අපේ රට ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ඉතාමත් දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක්....

සියල්ලන් බලා සිටියදී, කෙහෙවලු පටලා ගන්නා ගුරුවරු – මෙන්න වීඩියෝව

ගුරුවරුන් සියලුදෙනා යළි දරුවන්ට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ යුතු බව කෝට්ටේ ශ්‍රී කළ්‍යානි, සාමග්‍රී...

සහල් මිල යළි ඉහළට

පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් ලබා දෙන බව කියූ මිලට නාඩු, සම්බා සහ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x