කටාර් සිට ඇවිත් නිරෝධායනයට යොමු කළ හලාවත පදිංචිකරුවෙක් පැන ගිහින්

වව්නියාව පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී පැන ගියා පුද්ගලයා මන්නාමර සවුත්බාර් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, යුධ හමුදා නිලධාරීන් සහ වව්නියාව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.

කටාර් රාජ්‍යයේ සිට පැමිණ වව්නියාව පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි එම සැකකරු 36 හැවිරිදි හලාවත මාදම්පේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු ඊයේ අලූයම (12) නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැනගොස් තිබූ අතර ඔහු සොයා වව්නියාව, මන්නාරම ඇතුළු  ප‍්‍රදේශ පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් කි‍්‍රයාත්මක කරනු ලැබුවා.

ඒ අනුව, පැනගොස් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ ඊයේ පස්වරුවේදීයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා නිරෝධායන කටයුතු සඳහා යළි වව්නියාව පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්