කඩේ ගිය තරුණයාගේ සිරුර අත්හැර දැමූ පාළු වගා ළිඳක

ගලේවෙල වෙළෙඳසලට යන බව පවසා නිවසින් බැහැර ගිය තරුණයෙකුගේ මළසිරුර පසුදින දහවල් අත්හැර දැමූ පාළු වගා ළිඳක තිබියදී ගම්වාසීන් විසින් සොයාගත් බව ගලේවෙල පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ පුවක්පිටිය පදිංචිව සිටි කැඳන්ගමුවේ ගෙදර තරංග පුෂ්පකුමාර නමැති විසිපස් හැවිරිදි අවිවාහක තරුණයෙකි. පසුගිය පෙරේදා (13දා) දින රාත්‍රී 7.30ට පමණ නිවසින් බැහැර ගිය මිය ගිය තරුණයා නැවත නිවසට නොපැමිණීම නිසා ගම්වාසීන් රැය මුළුල්ලේත් පසු දිනත් සොයා බැලීමේදී ඊයේ (14දා) දින දහවල් පුවක්පිටිය වැව අසල අත්හැර දමා තිබූ පාළු වගා ළිඳක බීඩි මිටියක් සහ රබර් පාවහන් යුගලක් පාවෙමින් තිබෙනු දැක ළිඳේ ජලය අඩුකර පරීක්ෂා කිරීමේදී මළසිරුර හමුවී ඇති බව පොලිසිය කියයි. මියගිය තරුණයා වසර 04ක් පමණ පොලිස් සේවයේ යෙදී සිට සේවය අත්හැර ගොස් සිටි අයෙක් බවද විමර්ශනයේදී හෙළිවිය. ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

හෙට පාසල් පැමිණෙන දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ හෙට (25) ආරම්භවීමට නියමිත අතර එහිදී නිල ඇඳුමින් සැරසී...

පොහොර එපා කියපු නිසා චීනය යකා නටයි

චීන කාබනික පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අද (26) නිවේදනයක්...

තවත් කොරෝනා මරණ 18ක්..

තවත් කොරෝනා මරණ 18ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ...

ඇඟ හදාගත්තු තවත් අපේ රටේ කොල්ලෙක් අන්තර්ජාලය කළඹයි – Photos

අන්තර්ජාලය හරහා කාලෙන් කාලෙට විවිධ කතා මතුවෙනවා.ඒ විදිහට මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x