“කතාකරන්න ඉන්නේ ජනාධිපති විතරයි” – රන්ජන්ට පසු නලීන්ගේ හඬපටයක් එළියට

විවිධ පුද්ගලයින්ගේ හඬපට සම්බන්ධයෙන් පළ වූ පුවත් වාර්තා පසුගිය කාලය පුරා මෙරට දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූවා.

නාමල් කුමාර, රන්ජන් රාමනායක වැන්නවුන්ගේ හඬපට හරහා නිර්මාණය වූ එම පුවත් උණුසුම මැකී යද්දී ප්‍රවීණ ගායන සහ සංගීත ශිල්පී නලීන් පෙරේරා මහතාගේ හඬපටයක් මේවන විට සමාජ ජාල පුරා සංසරණය වෙමින් පවතිනවා.

ඔහු ඒ ඔස්සේ ආමන්ත්‍රණය කර පණිවිඩයක් ලබා දෙන්නේ උත්සව කර්මාන්තයට සම්බන්ධ පිරිස් වෙත යි.

විවාහ මංගල කටයුතු ඇතුළු උත්සව තහනම් කර තිබූ මොහොතක එම කර්මාන්තය හා බැඳුණු කලාකරුවන් දැඩි අර්බුදයකට පත්වී තිබෙන බව පෙන්වා දීමට තමා මැදිහත් වූ බවත්, ඉන්පසු රජය විසින් උත්සව සඳහා අවසර ලබා දුන් බවත් ඔහු සිහිපත් කරනවා.

කෙසේ වෙතත් විවිධ පාර්ශවයන් විසින් එම අවසරය අවභාවිත කරන බව යි නලීන් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ.

මෙවැනි තත්ත්වයක් මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න මහතා සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද තමන්ට දුරකතන ඇමතුම් ලබාදුන් බවත් එම ඇමතුම්වලින් තමා දැඩි ලෙස ලැජ්ජාවට පත් වූ බවත් ඔහු පවසනවා.

තමාව ඇමතීමට ඉතිරිව ඇත්තේ ජනාධිපතිවරයා  පමණක් බවයි ඔහු සඳහන් කරන්නේ.

මේවන විට දැඩි ලෙස කෝපයට පත්ව සිටින තමන් මේ ලබා දෙන්නේ අනතුරු ඇඟවීමක් බවත්, යළිත් උත්සව තහනම් වුවහොත් තමන් ඊට කිසිසේත් මැදිහත් නොවන බවත් ඔහු එම හඬපටය ඔස්සේ පවසනවා.

ඔහු හඬපටය අවසන් කරන්නේ මේ ආකාරයෙන්.

“තමන්ගේ ස්වයං විනය තියා ගන්න හැමෝම. එහෙම නැත්තනම් මමයි කියන්නේ ඉදිරිපත් වෙලා මේක වහන්න. එදාට මාව පාලනය කරන්න බෑ කාටවත්”

අදාළ හඬපටය පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ජූඞ් රෝගන්ස් දැන් බුලත් වවනවා… ඔහු ගැන ඇහෙන අමුතු කතාව

කොරෝනා තත්ත්වය හේතුවෙන් රටේම සංගීත ප‍්‍රසංග තහනම් වෙද්දී සංගීත කණ්ඩායම් සහ ගායන ශිල්පීන් ඉතාම...

මගේ මල්ලීගේ පපුවේ සිදුරක් එක්ක අපි හැමෝම බිංදුවට වැටුනා.

අපේ කතාබහට එකතු වෙන්නේ තරුණ පරපුර අතර බොහොම ජනප්‍රිය සහ මේ දිනවල ලස්සන නිර්මාණ...

චතුරිකා ගයාන් ආරාධනා දෝණිත් එක්ක පේශල පූර්ණිකාගේ අභිමන්‍යු පුතාව බලන්න ගිහින් හුරතල් කරන හැටි

පසුගියදා පිය පදවිය ලැබූ පේශල මනොජ්ගේ සහ පුර්ණිකගේ ආදරණිය පුංචි අභිමන්‍යු පුතාව චතුරිකා, ගයාන්...

නාඩගම්කාරයෝ රූගත කිරීම්වලට බාධා.. සරාගෙන් වීඩියෝවක්

නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යය රූගත කරන ගම් ප්‍රදේශයට පැමිණ එම පරිසරය අපවිත‍්‍ර නොකරන ලෙස පේක්ෂකයන්ගෙන්...

මට සීඅයිඩිය දුන් පණිවිඩය විශ්වාසයි – අනුෂා දමයන්ති

අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට ලබා දුන් පණිවිඩයක් පිළිබඳව තොරතුරක් සිනමා නිළියක වන අනුෂා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x