31 C
Colombo
Sunday, April 18, 2021

කඳුබොඩ දැරියට මරු කැඳවූ යකැදුරු කත සහ මව රිමාන්ඩ් භාරයට

කඳුබොඩ ප්‍රදේශයේ නිවෙසක පවත්වා ගෙන ගිය ශාන්තිකර්ම මධ්‍යස්ථානයේදී අට හැවිරිදි දැරියක මරුමුවට පත්වීම සම්බන්ධව අත්අඩංගුවට ගත් දැරියගේ මව හා කට්ටඩි කාන්තාව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර ප්‍රධාන මහෙස්ත්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය ඊයේ (01 වැනිදා) නියම කළාය.

දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයේ පදිංචි කට්ටඩි කාන්තාව වන මොහොමඩ් පාරුක් ලාහිලා පාලිදා (අවු 38) හා දැරියගේ මව වන පාතිමා රික්තා (අවු 40) යන කාන්තාවන් දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඉකුත් සෙනසුරාදා (27 වැනිදා) පස්වරුවේ මෙම දැරියගේ මව විසින් දැරිය එම නිවෙස ආසන්නයේ නිවෙසක පවත්වා ගෙන ගිය ශාන්තිකර්ම මධ්‍යස්ථානයට අමනුෂ්‍ය දෝෂයක් දුරු කර ගැනීම සඳහා රැගෙන ගිය අවස්ථාවේ ශාන්තිකර්මය කළ කාන්තාව විසින් දැරියට එකී ශාන්තිකර්මයේදී වේවැලකින් පහර දීමෙන් දැරිය මරුමුවට පත්වී ඇතැයි පැවසේ.

මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙගොඩ, කඳුබොඩ ප්‍රදේශයේම පදිංචිව සිටි මොහොමඩ් රිකා පාතිමා රිෆා නමැති අට හැවිරිදි දැරියකි. මේ සිද්ධිය පිළිබඳව මිගහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරෙත් හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්.ඒ. විමලරත්න යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අපගේ පෙර පුවත – දේවාලයට රැගෙන ගිය දැරියට වේවැලකින් පහර දී මියයයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඩබල් කරගන්න හිතාගෙන බහිරව තට්ටුවේ තැබූ “රුපියල් ලක්ෂ 8ක්” කට්ටඩියෙක් පිහියක් තබා වැලි කළ හැටි

මුදල් දුෂ්කරතාවෙන් පසු වූ ව්‍යාපාරිකයකු තමා සතු රුපියල් ලක්ෂ 08 ක මුදලක් බහිරව තට්ටුවක්...

අයියා පණගැන්වූ යතුරුපැදියට යට වී පුංචි නැගණිය අවසන් ගමන් යයි

ඊයේ දිනයේ චාවකච්චේරිය චන්ද්‍රපුරම් ප්‍රදේශයේදී කුඩා දරුවෙකු විසින් පණ ගැන්වූ යතුරුපැදියකට යටවී වයස අවුරුදු...

සිරුරෙන් වෙන් වූ හිස කොටසක් මාතරින් හමුවෙයි (ඡායාරූප)

පිරිමි පුද්ගලයෙකුගේ නරක් වූ හිස කොටසක් අද පස්වරුවේ නිල්වලා ඟඟේ මාතර තොටමුණ ප්‍රදේශයේ පාවෙමින් තිබියදී...

සූර් වූ අයෙක් තියුණු ආයුධයකින් බෙල්ලට අනියි – පහර කෑ පුද්ගලයා මහමග මියයයි

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ සර්වෝදය මංසන්ධිය අසල පිහිටි රට බීම හලක් ඉදිරිපිටදී (15) පුද්ගලයෙකු...

පශ්චාත් මරණ පරීක්ෂණය කර නිවසට ගෙනා මිනියේ රැවුල වැවිලා

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර නිවසට රැගෙන එන ලද...

පරණ අමනාපය අලුත් වී අලුත් අවුරුද්දදා පොල්පිතිගම පුද්ගලයෙකු මරණයට පත් වු හැටි

ඊයේ (14)පොල්පිතිගම තලාදපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු අතර සිදු වූ ආරවුලකින් එක් පුද්ගලයෙකු මිය ගොස්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x