31 C
Colombo
Sunday, April 18, 2021

කඳුරුගම වැවෙන් දෙදරු පියකුගේ සිරුරක් හමුවෙලා.. යතුරුපැදියත් ඒ අසල.

රාගම, වළ කදුරුගම් වැව් ගිලී මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත පෙරේදා (27) අලුයම 5.00 ට පමණ සොයාගත් බව රාගම පොලීසිය කියයි.

කදුරුගම වැව් බැම්ම මතින් ගමන් ගත් ලොරි රථයක පිරිසක් වැවට වැටී තිබූ යතුරුපැදියක් දැක ඒ පිළිබඳ විපරම් කිරීමේදී වැවේ සිටි පුද්ගලයා දැක පොලීසියට ඒ පිළිබඳව දැනුම් දී ඇත. එම ස්ථානයට පැමිණි පොලීසිය කළ මූලික විමර්ශනයේදී අදාළ පුද්ගලයා මියගොස් ඇති බවත් ඔහු පැමිණියේ යැයි සැක කරන යතුරුපැදිය එම ස්ථානයේ තිබෙන බවත් තහවුරු කර ගැනීමෙන් පසු එම ස්ථානයට රාගම හදිසි මරණ පරික්ෂක ප්‍රියංකර ලාල් මහතා කැඳවා තිබේ. හදිසි මරණ පරික්ෂකවරයාගේ විමර්ශණයෙන් පසු මරණය පිළිබඳ මහෙස්ත්‍රාත් පරික්ෂණයක් පැවැත්විය යුතු බවට නිගමනය කර එය වෙත යොමු කිරිමට පොලීසියට නියෝග කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ දංකොටුව පෞද්ගලික ආයතනයක සේවය කරන අංක 347/5/1/ බී අබේස්කර මාවත, පොල්පිතිමුකලාන, කඳාන ලිපිනයේ පදිංචි ඩබ්ලිව්. ජී.ආර්. ලයනල් ප්‍රේල්මවංශ (47) නමැති දෙදරු පියකු බව පොලිසිය හඳුනාගෙන ඇත. පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා මළ සිරුර රාගම රෝහලේ මත ශරිරාගාරයේ තැත්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු රාගම පොලීසිය විසින් සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කාලගුණ අනාවැකි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත...

කොරෝනා නීති කැලේ.. අවුරුදු කන්න දස දහස් ගණන් නගරවල පොරකති

එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ආහාර ද‍්‍රව්‍ය, රෙදිපිළි ආදිය මිලට ගැනීමට රට පුරා සියලු...

තරුණයෙක් සහ තරුණියක් බස් රථයකට යටවෙයි

හැටන් නගරයේ පෞද්ගලික බස් රථයකට යටවිමෙන් තුවාල ලැබු තරුණයෙකු සහ තරුණියක් දික්ඔය මුලික රෝහල...

පැළ සිටුවීමේ නැකත අද: පරිසර ඇමතිට නැකතට සිටුවන්න පැළය දුන්නේ අගමැතියි

අද (16) දිනට යෙදෙන පැළ සිටු වීමේ නැකතට රෝපණය කිරීම සඳහා සුදු සඳුන් පැළයක්...

කූඨ ලේඛන සැකසූ සහකාර රේගු අධිකාරීවරයෙකු CID අත්අඩංගුවට

ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන්වූ කරුංකා පුවක් තොගයක්  ව්‍යාජ ලේඛන සකසා ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙන් සහකාර...

පළාත් කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x