28 C
Colombo
Sunday, September 19, 2021

කරාපිටිය රෝහලේ සේවකයාට උණුවතුර ප්‍රහාරයක් -මුහුණ පිළිස්සී රෝහලේ

කරාපිටිය රෝහලේ ආපන ශාලාව තුළදී යුද හමුදා සෙබළකු සහ රෝහල් කම්කරුවකු අතර ඊයේ (14දා) ගැටුමක් ඇතිවී තිබෙනවා.

මුහුණට උණු වතුර ගැසීම නිසා පිලිස්සුම් තුවාල ලැබූ රෝහල් කම්කරුවා මේ වනවිට රෝහලට ඇතුළත් කළ බව රෝහල් පොලිසිය සඳහන් කරනවා

බද්දේගම අම්පෙගම පදිංචි දැනට අනුරාධපුර සාලියවැව කඳවුරේ සේවය කරන සෙබළකු ඔහුගේ අට හැවිරිදි පුතාට අසනීප වීම නිසා කරාපිටිය රෝහලට ඇතුළත්කර සාත්තුවට ළඟ සිට ඇති අතර දරුවා උණ වතුර ඉල්ලීම නිසා ඔහු උණ වතුර ලබා ගැනීමට ආපන ශාලාවට ගොස් තිබෙනවා

එම අවස්ථාවේ රෝහල් කම්කරුවාද පැමිණ තේ ඉල්ලා ඇති අතර ,තේ සහ උණු වතුර දෙන්නේ එකම කවුළුවකින් නිසා ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් හමුදා සෙබළා සහ කම්කරුවා අතර බහින් බස් වීමක් සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී හමුදා සෙබළාගේ හිසට පහරක් එල්ලවී ඇති අතර, ඒ සමඟම හමුදා සෙබළා ද තම අත තිබූ උණු වතුර භාජනයෙන් කම්කරුවාගේ මුහුණට දමා ගසා තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයකු පැවැසුවේ පිලිස්සුම් තුවාල ලැබූ කම්කරුවාගේ තත්ත්වය බරපතළ නොවන බවයි .

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
3
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
8
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
3
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ගොවිතැන දියුණු කරන්න මහින්දානන්දගෙන් ටැබ් 10,000ක්

රටපුරා තොරතුරු ලබා ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර...

ඌරුමලේ මුහුදේ මෙහෙයුමක්

තලෙයිමන්නාරමේදී රුපියල් මිලියන 79 කට අධික විථීයේ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9.9 ක් සමග...

මහින්ද අභිබවා ගෝඨාභය රටටම ආදර්ශයක් දෙයි

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා...

ශ්‍රී ලංකා පිතිකරුවන් මංමුළා වෙයි – දෙවන තරගයේ ජයත් ද.අප්‍රිකාවට

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේ ජය දකුණු අප්‍රිකාවට හිමි...

නව කැලණි පාලමේ විදුලි ආලෝක රටා මෙන්න

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2014 වසරේදී මූලික සැලසුම් සකස් කර...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x