28 C
Colombo
Tuesday, September 21, 2021

කරාපිටිය රෝහල වාර්තාවක් තබයි

ගාල්ල  කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය මඟින් මෙම වසරේ  (2021) ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් මස 06 වැනි දින දක්වා කාලය තුළදි කොවිඩ් ආසාදිත මරණ 615ක පශ්චාත් මරණ පරික්ෂණ සිදුකොට ඇති බව කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසනවා.

කොවිඩ් වෛරසය ආසාදිතව රෝහලේ දී මියගිය පුද්ගලයින් හා නිවෙස්වලදි මිය යාමෙන් පසුව කරණු ලැබු  පී.සී.ආර් පරික්ෂණවලදි කොවිඩ් වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ මෘතදේහයන් පශ්චාත් මරණ පරික්ෂණවලට ලක්කොට තිබෙනවා.

කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගෙන් බහුතරයක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බව මෙම පශ්චාත් මරණ පරික්ෂණවලදී අනාවරණය වී තිබුණා.

මේ අතර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ඉකුත් පැය 24 ක කාලය තුළදී කොවිඩ් මරණ 12ක් වාර්තා වී ඇති බවද රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසනවා. 

ඉන් 08 දෙනෙකුම මියගොස් ඇත්තේ  නිවෙස්වලදි වන අතර 04 දෙනෙකු රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
9
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
4
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
4
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
101
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
23
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
9
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ඌරුමලේ මුහුදේ මෙහෙයුමක්

තලෙයිමන්නාරමේදී රුපියල් මිලියන 79 කට අධික විථීයේ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9.9 ක් සමග...

කොවිඩ් මරණ 93ක්

කොවිඩ් මරණ 93ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (19)...

අද දිනයේ කොවිඩ් මරණ

තවත් කොවිඩ් මරණ 132 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (14)...

බනිස් කකා සිටියදී දුවගේ හිස කඩාවැටුණා යැයි බිරිඳ පැවසුවා

පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ සය හැවිරිදි දැරියක් කොවිඩි ආසාදිතව මරුමුවට පත්ව තිබේ . හදිසියේම අසනීපව...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (20) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x