29 C
Colombo
Thursday, April 22, 2021

කලකට පසු ඇමති බන්දුලට හොඳක් අහන්න ලැබෙයි

කලක පටන් හාස්‍යයට හා විවේචනයට ලක්ව සිටින බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා පිළිබඳව කාලයකට පසු හොදක් අසන්නට ලැබී තිබේ.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පිළිබඳව මෙසේ සුබවාදීව කතා කරනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා වීම ද විශේෂත්වයකි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ විශේෂ ජනපති කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයේදී මතභේදාත්මක ප්‍රකාශ රැසක් කළ හිටපු ජනපතිවරයා මෙරට මාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් ඇති කණගාටුදායක ස්වභාවය පිළිබඳවද අදහස් දක්වන ලදී.

ඒ ගැන හිටපු ජනපතිවරයා කතා කරන අවස්ථාවේ සභා ගැබේ සිටි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා දෙසට හැරී “ජනමාධ්‍ය පිළිබඳව බොහෝ අය පොත් ලියල තියෙනවා. අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා චිත්‍රපටයක් ගැහුවා THE NEWS PAPER. THE NEWS PAPER එකේ හොඳට තියෙනවා ජනමාධ්‍ය කොහොමද අසාධාරණ විදිහට වැඩ කරන්නේ කියලා” යැයි සඳහන් කළේ ගුණවර්ධන අමාත්‍යවරයාට ගෞරවයක්ද එක්කරමිනි.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ජනප්‍රිය අමතර පන්ති දේශකයෙකු, ග්‍රන්ථ රචකයෙකු පමණක් නොව “සුද්දිලාගේ කතාව” ඇතුළු චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ නිෂ්පාදකවරයෙකුද වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කුලියාපිටියේ තත්ත්වය භයානකයි – වෛද්‍යවරු අනතුරු අඟවති

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී...

පාසැලක ළමුන් 06 කට කොරෝනා

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි පාසැලක ළමුන් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති...

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක ආසාදිතයින් වැඩිවීමේ ලක්ෂණ ඇති බව PHI සංගමය කියයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව ශ්‍රී ලංකා මහජන...

කාලගුණ අනාවැකි

බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.මධ්‍යම , සබරගමුව,...

අද දහවල් 12න් පසුව පොලිසිය සිදු කරන්න යන විශේෂ මෙහෙයුම මෙන්න

ගතවූ දින 5ක කාලය තුල බීමත් රියදුරන් 1834 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.පොලිස්...

“අනේ පල ….. උඹ මොකෙද්ද බන්… ඒයි ගහන්න එපා..!! සාමකාමීව සමරපන්..!!”

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සහ පීඩාවට පත් පිරිස සිහි කර අද පාර්ලිමේන්තුවේදී...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x