කළු දිලීර රෝගය අපට අලුත් දෙයක් නෙමෙයි – විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර

ඉන්දියාවේ කොවිඩ් -19 ආසාදිත සමහර රෝගීන්ට වැලඳී ඇති කළු දිලීර රෝගය ගැන මේ දිනවල අප සමාජයේ කථාබහක් ඇතිවී තිබෙනවා. ඒ ගැන සමාජයේ යම් බියක් ද ඇතිවූයේ එම දිලීරය ආසාදිත රෝගියෙක් අම්පාර ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තාවීමත් සමගයි.

නමුත් ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණායතනය පවසන්නේ වෙනත් දෙයකි. එහි දත්ත අනුව මෙරටින් 2019 සිට කළු දිලීරය ආසාදිත පුද්ගලයින් හමුවී තිබේ.

වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර ඒ පිළිබඳව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසුවාය.

“ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින්ට වැළඳුණු මේ කළු දිලීරය ගැන අපේ සමාජයේ කථා වෙනවා. මියුකොමයිකොසිස් කියලා අපි මේකට කියනවා. ඒ දිලීරය ලංකාවට අලුත් දෙයක් නොවෙයි. අපිට 2019 වසරේදී කළු දිලීර රෝගීන් 42ක් වාර්තා වෙලා තියෙනවා. 2020දී 24 දෙනෙකුත් 2021 මේ දක්වා කළු දිලීර රෝගීන් 24 දෙනෙකුත් වාර්තා වෙලා තිබෙනවා. නමුත් මේ කිසිම රෝගියෙකුට කොවිඩ් -19 ආසාදනය වෙලා නැහැ. මෙතෙක් මෙරටින් කොවිඩ් -19 රෝගීන්ට මියුකොමයිකොසිස් ආසාදනය වෙලා ඇති බවක් අපිට වාර්තා වෙලා නැහැ. ඒ දිලීරය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවෙයි. එය වර්ධනය අවශ්‍ය සියලු පරිසර සාධක අපේ රටේ තිබෙනවා. එම දිලීරය අපේ පස් වල තිබෙනවා. එම දිලීර රෝගය හැදෙන්නේ ප්‍රතිශක්තිකරණය අඩු රෝගීන්ට.” ඇය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට අලුත් අභියෝගයක්

හෙට (25) දිනයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ්...

ආණ්ඩුවේ ලොකු තනතුරු 6කට අලුත් මුහුණු

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට සහ තානාපතිවරුන් දෙදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ...

අද දින නැවත ආරම්භ කිරීමට තීරණය කළ පාසැල් හා ශ්‍රේණි මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් කොවිඩ් -19 වැළැක්වීමේ කමිටුව අධ්‍යාපන හා සෞඛ්‍ය අංශ සමඟ...

බංගලියන් පරදා ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබයි

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ  බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන සුපිරි 12 වටයේ...

කාලගුණ අනාවැකි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x