ක්ෂේත්‍ර කිහිපයක සීමා ඉවත් කෙරේ

සෞඛ්‍ය නිර්දේශ මත දැනට සීමා පනවා ඇති ක්ෂේත්‍ර කිහිපයක සීමා ඉවත් කිරීමට කොවිඩ් කාර්ය සාධක බළකායේ අවධානය යොමු වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීම පැවැති අවස්ථාවේ දී මේ පිළිබඳ ඉල්ලීම යොමු කර ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසිනි. ආදායම් ලබන රාජ්‍ය ආයතන කොටස් වශයෙන් විවෘත කිරීම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයන් ගෙන්වීමට අවසර ලබා දීම, ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම, ත්‍රිරෝද රථ ධාවනයට අවසර ලබා දීම එම ඉල්ලීම් වෙයි.

ජනාධිපතිවරයා ඒ සඳහා අවසර ලබා දුන් අතර පොලිසිය හා සෞඛ්‍ය සේවා දැඩි අධීක්ෂණයක් කළ යුතු බව ද ප්‍රකාශ කළේය. දිවයිනේ සෑම ප්‍රදේශයකටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දෛනිකව ලැබීමේ වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කිරීමේ කාර්ය වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධනට පවරා දෙනු ලැබීය.

සෑම ප්‍රදේශයකම පවතින ප්‍රශ්න පිළිබඳ පොලිස් ස්ථාන මගින් දෛනික වාර්තාවක් ලබා ගෙන අදාළ රාජ්‍ය ආයතනවලට යොමු කරන ලෙසද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත. අනවශ්‍ය පුද්ගලයන් මාර්ගවල ගමන් කිරීම නතර කරන ලෙස ද ඔහු පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
54
11.svg?v=2.6
අවුල් වගේ !
5
22.svg?v=2.6
හරි හිනා !
33
3.svg?v=2.6
හම්මෝ !
3
31.svg?v=2.6
මාර දුකයි !
6
27.svg?v=2.6
මලපනිනව !
9
30.svg?v=2.6
කුජීතයි !
15
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් 30ක් ඉවතට

රාජ්‍ය ආයතන 30ක පමණ ප්‍රධානීන් ඉවත්කොට නව ප්‍රධානීන් පත් කිරීමට රජය තීරණය කොට ඇතැයි...

තව ලොක්කෙක් ඉල්ලා අස්වේ

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. පුද්ගලික හේතු මත ධුරයෙන් ඉවත්...

ජනප්‍රිය රංගන ශිල්පී යශෝධා විමලරත්න මනාලියක් වෙයි

පුංචි තිරයේ ආදරණීය රංගන ශිල්පිනි යශෝධා විමලධර්ම මනාලියක් ලෙසින් සැරසුණු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ...

පාකිස්ථානය ඉන්දියාවට එරෙහිව ලැබූ විශිෂ්ඨම ජයග්‍රහණය

ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයේදී ඉන්දියාව කඩුලු 10කින් පරාජය කරමින්...

කොවිඩ් එන්නත ලබා ගන්න ඉන්න අයට ආරංචියක

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x