ක්‍රිකට් තරුවගේ වෛද්‍ය මිතුරිය ගිය ටැක්සියේ රියැදුරා සියල්ල හෙළි කරයි

කුලී මෝටර් රථයක නැඟී හලාවතට ගිය කොරෝනා ආසාදිත විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය කොළඹ පෞද්ගලික රෝහල් කිහිපයකට මෙන් ම තලාහේන ඇතුළු ප්‍රදේශ කිහිපයකට ම ගිය බව එම කුලී රථ රියැදුරු හෙළිකර සිටී. 

ඊයේ (20දා) පෙරවරුවේ කතා කරමින් එම කුලී මෝටර් රථ රියැදුරු කියා සිටියේ මෙම වෛද්‍යවරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු මුණ ගැසී හලාවතට යෑම සඳහා තමාව දුරකතනය මගින් සම්බන්ධ කරගත් බවයි.

එම කුලී රථ රියැදුරු එම සිද්ධිය විස්තර කළේ මේ අයුරිනි. 

“මම කලක් හෝටලයක ටැක්සි ඩ්‍රැයිවර් කෙනෙක් ලෙස කටයුතු කළා. ඊට පස්සේ මම මෝටර් රථයක් ගෙන කුලී රථ රියැදුරකු ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. ඉකුත් 16 වන දා උදේ මගේ ටැක්සියට හයර් එකක් ආවා. තලාහේන ඉඳන් හලාවතට තමයි හයර් එක ආවේ.

මම තලාහේනට ගියාට පස්සේ ක්‍රිකට් ක්‍රීඩකයයි, මේ ‍දොස්තර නෝනයි මාත් එක්ක කතා කළේ මාස්ක් එකත් පහළට දාගෙන. තලාහේන ඉඳන් කඩුවෙලට යන අතර තුර ‍දොස්තර නෝනට කෝල් එකක් ආවා. එයා ඉංග්‍රීසියෙන් කතා කළේ. මටත් ඉංග්‍රීසි පුළුවන්. මම ටැක්සි රියැදුරෙක් වුණාට ඉංග්‍රීසිත් මම දන්නවා.

එයාට පොසිටිව් ද කියා දොස්තර ‍නෝනා ඇහුවා.

මට ඒ කතා කරපු දේවල් තේරුණ නිසා මම ‍දොස්තර නෝනාගෙන් ඇහුවා කාටද පොසිටිව් කියලා. එතකොට එයා කීවා එයාගේ රෝගියෙක්ට කොරෝනා ආසාදිත වෙලා කියලා. මම කිව්වා ‍දොස්තර නෝනා ඇයි මට කලින් නොකීවේ කියලා. එතකොට දොස්තර නෝනා කීවා, මම වෛද්‍යවරයෙක්. බය වෙන්න එපා කියලා. නෝනා වාහනේ හිටියේ මුඛ ආවරණය පහළට කරගෙන. කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුමට යන්න කලින් මම වාහනේ නැවැත්තුවා.

එයා කාට ද කතා කරලා වාහනයක් ගෙන්න ගත්තා. පස්සේ මම ‍දොස්තර නෝනාගේ දුරකතනයට කතා කළා. හලාවත රෝහලටත් කතා කළා. ‍දොස්තර නෝනාටත් කරපු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ඇයත් ආසාදිත බවට මට දැන ගන්න ලැබුණා. වෛද්‍යවරිය සමඟ හිටිය ක්‍රිකට් ක්‍රීඩකයටත් වෛරසය ආසාදනය වෙලා. මේ අය ඒ තොරතුරු නොකියා තමයි මගේ කුලී රථයේ ගියේ. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. එක දුවෙක් ආබාධිතයි. 

ඒ දුව ආබාධිත වුණෙත් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අත්වැරැද්දකින්. දැන් මම ගෙදර නොයා මුල්ලේරියාවේ අක්කා කෙනකුගේ ගෙදරකට වෙලා ඉන්නේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට මගේ තොරතුරු කිව්වා. ලබන අඟහරුවාදා මාව පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කරන බව ඒ මහත්තයා කිව්වා. බලන්න වෛද්‍යවරු වුණත් මේ විදිහට හැසිරෙන කොට මේ වසංගතය පාලනය කරන්නේ කොහොමද? ඒකයි මම මේ සිද්ධිය පත්තරේට කිව්වේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ගෙදරට නිතර ආ ගිය තරුණයා කළ කැත වැඩේ

තම බිරිද සමග අඹු - සැමි ඇසුරක් පවත්වමින් සිටි පුද්ගලයෙකුව කඩුවකින් කපා කොටා ඝාතනය...

උසස් පෙළ අපේක්ෂකයන්ට දැනුම් දීමක්

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ සියලූම අධ්‍යාපන කලාපවල අපේක්ෂකයන්ට ෆයිසර්...

කොවිඩ් මරණ 21ක්

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (13) දින...

රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරෙයි

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර...

සීනි මිලත් තව ඉහළ යයි

වෙළඳපොලේ සීනි සහ සහල් මිල මේ වන විට පාලනයකින් තොරව ඉහල යමින් පවතින බවට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x