29 C
Colombo
Friday, September 17, 2021

ක්‍රීඩකයන් දෙදෙනෙකුට T20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට සහ තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු මදුෂංකට ලෝක කුසලාන පන්දු වාර විස්ස ලෝක කුසලානය තරගාවලිය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

මිට හේතුවී ඇත්තේ මෙම ක්‍රීඩකයින් දෙදෙනාම මේවන විට ශාරීරික ආබාධයන්ට ගොදුරුව සිටීමයි.

කොරෝනා වෛරසය ආසාදනය වී ඉන් සුවය ලැබූ කුසල් ජනිත් පෙරේරා ඊයේ දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වන සහ අවසන් පන්දුවාර 20 තරගයට එක්වුව ද කඩුලු රැකීමේ කාර්යයට එක්ව සිටියේ නැහැ.

ඊට හේතු වූයේ ඔහුගේ පාදයේ කලවා මස් පිඬුවක මතුව ඇති ආබාධයක්.

මේ හේතුවෙන් ඔහුට තවත් ටික කලක් කූීඩාවෙන් ඈත්ව සිටීමට සිදුවන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එමෙන්ම ඊයේ තරගයට එක්වූ තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු මදුෂංක ද උරහිසේ අස්ථියක මතුවූ ආබාධයකින් පීඩා විඳිනවා.

මේ හේතුව නිසා ඔහුටත් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමට නොහැකිවන බවයි කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ දෙදෙනා වෙනුවට ආදේශක ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
5
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
5
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
4
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
58
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
8
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
12
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

පෞද්ගලික රෝහලක අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වැසිකිලියකින් අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිට අදාළව සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය...

සෞඛ්‍ය ඇමති පවා නොමඟ යැවූ නිරෝධායන මගඩියේ අලුත් කතාව

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ව හෝටල් නිරෝධායනය සඳහා යොමු කරමින් ඔවුන් ගසාකෑමේ ක්‍රියාදාමය...

ශලනි තාරකා තම ප්‍රේක්ෂකයන්ට බුකියේ තැබු සටහන

තමා රංගනයට සමුදී ඇති බවට වැරදි ප්‍රචාරයක් සමාජ ගතවී ඇතැයිද එය නිවැරදි නැතැයිද රංගන...

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ...

වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත දෙන්න රජය තීරණය කරයි

වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x