කාන්තාවන් 5දෙනෙකු ඇතුළු 15කට එල්ල වූ ප්‍රහාරය

නොර්වුඩ් පොලිස් වසමට අයත් ස්ටොක්හොම් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් 15 දෙනෙකුට පමණ (13) දින බඹර ප්‍රහාරයක් එල්ල වි ඇති බවත්, බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු තුවාලකරුවන්ගෙන් පස් දෙනෙකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල බව එම වතු යායේ පාලන අධිකාරිය පැවසිය.

අද (13) දින උදැසන 9 ට පමණ තේ දළු නෙලමින් සිටියදි තේ වත්තේ විශාල ගසක් මත බැද තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් කියා සිටින්නේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු පමණක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවත්, සෙසු තුවාලකරුවන් වතු රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි වතු පාලන අධිකාරිය කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
5
27.svg?v=2.6
මලපනිනව !
4
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොළඹ ගොඩනැගිල්ලකින් හමුවූ උණ්ඩ තොගය

කොළඹ බ්‍රිස්ටල් වීදියේ 5 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සඟවා තිබූ ජීව උණ්ඩ 205ක් පොලීසිය විසින්...

ගුරු වර්ජනය මර්දනය කල යුතුයි.. නැතොත් රට දියුණ කරන්න බෑ..

රජයේ ගන්නා තීරණ වලට වෘත්තිය සමිති එකඟ නොවන්නේ නම් රාජ්‍ය බලය යොදා එම වෘත්තිය...

සංචරණ සීමා හරියට රැක්ක දේශීය සංචාරකයෝ

දිර්ඝ නිවාඩුවත් සමග නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතන සහ නවාතැන් පහසුකම් ලබාදෙන නිවාඩු නිකේතන...

සියලු දෙනා පුදුමයට පත්කරමින් අවුරුදු 70දී පළමු දරුවා බිහිකළ රබාරි

ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ 70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහිකර තිබෙනවා. මේ ඇගේ පළමු...

ප‍්‍රකට වාහන අලෙවි සමාගමකට නඩු.. ගිණි ගානට අමතර කොටස් වෙලදාමේ

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත ට අනුව අලෙවිය සඳහා ඇති...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x