26.3 C
Colombo
Monday, June 14, 2021
logo

කාබනික පොහොර ආනයනය කොමිස් ගැහිල්ලක් විතරයි..- තිස්ස ජනනායක

කාබනික පොහොර ආනයනයය මේ සම්බන්ධයෙන් ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා තම සමාජ ජාල ගිණුමේ මේ සටහනක් තබා තිබේ.

ඔහු එමගින් පෙන්වා දෙන්නේ කාබනික පොහොර විදේශ රටවලින් ආනයනය කිරීමෙන් සිදු වන්නේ කිහිපදෙනෙකු අතට කොමිස් මුදලක් ලැබීම සහ මෙරට මුදල් විශාල ලෙස පිටරටට ඇදී යාමක් පමණක් බවයි.

ඔහු තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

කාබණික පොහොර ආනයනයේ අවදානම
——————————–
රසායනික පොහොර ආනයනය නැවැත්වීමට රජය ගන්නා ලද තීරණය මහත් සේ අගය කරමි.නමුත් ලංකාවේ දී ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර නිපදවීමට අවශ්‍ය දේශගුණික හා පාරිසරික තත්වයන්ද, අවශ්‍ය අමුද්‍රව්‍ය, ශ්‍රමය හා තාක්ෂණික දැනුම උපරිමයෙන් තිබියදීත් වෙනත් රටක නාගරික අපද්‍රව්‍ය වලින් නිපදවන ලද කාබනික පොහොර ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිලිබද දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කරමි.

ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකු ලෙස එම කාබනික පොහොර සමග ශාක හෝ සතුන්ට හානි කර අප රටේ දැනට නොපවතින ව්‍යාධිජනක දිලීර සහ බැක්ටීරියා ආදිය ලංකාවට පැමිණීමේ දැඩි අවදානමක් ඇති බව පෙන්වාදෙනු කැමැත්තෙමි.

එසේම ශ්‍රී ලංකාවේ පවා නාගරික කැලිකසල වල බැර ලෝහ යම් ප්‍රමාණයක් අඩංගු වන අතර විදේශ රටවල (චීනය වැනි) ඊටත් වඩා බැර ලෝහ අඩංගු විය හැකි බවද සඳහන් කරමි.

රට තුළදීම රටට අවශ්‍ය කාබනික පොහොර නිපදවීම මගින් නව ව්‍යවසායකයින්ට රැකියා අවස්ථා නිර්මාණය වන අතර රටේ මුදල් පිටරටට ඇදී යාම වළකියි .

කාබනික පොහොර විදේශීය රටවලින් ආනයනය කිරීමෙන් වන්නේ කිහිප දෙනෙකුට කොමිස් මුදලක් ලැබීම සහ අපේ මුදල් විශාල වශයෙන් පිටරටවල් වලට ඇදීයාම පමණකි.

– තිස්ස ජනනායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පුතේ මං වහ බිව්වා.

නිවෙසේ සිටියදී පෝයකටවත් පන්සලකට ගොඩනොවැදුණ චන්ද්‍රපාල දැන් පුළු පුළුවන් හැම විටම පිං දහම් කරන්නට...

හොරෙන් එන්නත් ගසා ගෙන මාට්ටුවෙයි

නියමිත එන්නත්කරණ ක්‍රමවේදයෙන් බැහැරව ඇතැම් දේශපාලඥයින්ගේ පෞද්ගලික කාර්යමණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ සිදුවීමක්...

බැංකු විවෘත කෙරේ – සපයන සේවා ගැන දැනුම් දීමක්

සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යන්නැයි ශ්‍රී ලංකා මහ...

තමුන්ට නංගිලා මල්ලිලා නැද්ද? තමුන් දුන්නේ රටටම නරක ආදර්ශයක්

පෑලියගොඩ, නුගේ පාර ප්‍රදේශයේ දී වයස අවුරුදු 4ක දරුවෙකුට "බීර" පානය කිරීමට දුන් තරුණයා...

අන්තර්ජාල ගණිකාවන් වූ දැරිය සහ මව ගැන තවත් තතු හෙළිවෙයි

අපරාධයේ සැඟවුණු තතු එළියටඅන්තර්ජාලය හරහා 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් මුදලට අලෙවි කළ සිද්ධිය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x