කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් කොළඹ වරායට

රජ‍යේ පොහොර ආයතන දෙකක් විසින් මිලදී ගනු ලැබූ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් කොළඹ වරායට පැමිණි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාදීමේ වැඩසටහන අද (13) අම්පාර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරුණු අතර, මෙම දීප ව්‍යාප්ත වැඩසටහනට සමගාමීව මෙම කාබනික පොහොර තොගය මෙරටට ආනයනය කෙරුණා.

ඒ අනුව මෙම පොහොර තොගය ලැබීමත් සමග සෙසු දිස්ත්‍රික්කවල ද වී ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ලබාදීමට කටයුතු සලසා ඇති බවයි පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කාබනික පොහොර ලබාදීමේදී වී වගාව සුලබව සිදු කෙරෙන අම්පාර,හම්බන්තොට,මොනරාගල,කුරුණෑගල,පුත්තලම සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාව ලබාදීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

විදෙස් ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. පේදුරු තුඩුවට නැගෙනහිර මුහුදේදී...

TikTok Live stream කරමින් සිටි බිරිඳට සැමියා කල අපරාධය

සමාජ ජාල මාධ්‍යයක් ඔස්සේ සිය අනුගාමිකයින් සමඟ සජීවී විකාශයක් (live stream) හා සම්බන්ධව සිටි...

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව පළාතේ...

එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් අල්ලන මහ බැංකුවේ වාහන සම්බන්ධ යෝජනාව මෙන්න

මෙරටට වාහන ආනයනය කිරීමේ දී ඊට අදාළ බදු සහ අනෙකුත් ගෙවීම් විදේශ විනිමය හරහා...

රටම කැලඹු අමුතු ගණිකා නිවාසය

මීගමුව පොලිස් වසමේ කට්ටුව ප්‍රදේශයේ දී මීගමුව පොලිසිය විසින් සිදු කළ වැටලීමකින් ගණිකා නිවාසයක්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x