25 C
Colombo
Tuesday, April 13, 2021

කැරොලයින්, පුෂ්පිකා පොර කෑ කිරුළ ගැන චන්දිමාල් ජයසිංහ කියයි

“කැරොලයින්ට ප්‍රසිද්ධියේ පුෂ්පිකාගෙන් සමාව ගන්න කියලත් ලෝක සංවිධානයෙන් කිව්වා..”

මේ දිනවල කවුරුත් කතා කරන්නේ ලෝක රූ රැජිණ කිරුළ වසර 35කට පසුව ශ්‍රී ලංකාවට හිමි වුවත් ඒ කිරුළ නැති වෙයිද යන කුතුහලය ගැනයි. පසුගිය ඉරිදා උත්කර්ශවත් අන්දමින් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟය නිමාව දුටුවා. එහිදී කිරුළ හිමි කරගත්තේ පුෂ්පිකා ද සිල්වා විසිනුයි. නමුත් නොසිතු මොහොතක එම කිරුළ ඇයට හිමි එකක් නොවන බවට පවසමින් ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජුරී දෙවැනි ස්ථානය හිමි වූ රුවත්තියට කිරුළ පැළඳුවේ පුෂ්පිකාගේ හිසින් කිරුළ ගලවා ගනිමිනුයි. මේ වෙද්දී ජාත්‍යන්තර මාධ්‍යයෙන් පවා කතා කරන මෙම සිදුවීම හා එහි ඇත්ත කතාව ගැන කතා කරන්න ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධානයේ ප්‍රධාන සංවිධායක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ අපේ කතාබහකට එකතු කරගත්තා. මේ ඒ කතාබහ ගැනයි.

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟය ඔබ සංවිධානය කළේ තෙවැනි වරට, පසුගියදා 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේ නිමාව එතරම් සුබ දෙයක් නෙමෙයි, ප්‍රධාන සංවිධායක විදිහට ඔබට මොනාද කියන්න තියෙන්නේ..?

මම වර්ෂ 2018, 2019, වගේම 2020 කියන විවාහක රූ රැජිණ සංවිධානයේ සංවිධායක. මේ තරඟාවලිය මම ප්‍රමිතියකට අනූව සෑම වසරකම පවත්වන්න උත්සහ කළා. මේ වසරේත් එය උත්කර්ශවත් අන්දමින් වගේම ප්‍රමිතියකට අනුව කරන්න මම වගබලා ගත්තා. නමුත් නොහිතපු මොහොතක හරිම නොවිය යුතු දෙයක් සිදු වුණා. ඒ වගේ අශිලාචාර සිදුවීමක් නොවෙන්නයි තිබ්බේ. කැරොලයින් කරපු ක්‍රියාව අනුමත කරන්න බැහැ. ඒ සිදුවීම ගැන මට තියෙන්නේ ලැජ්ජාවක්. වැදගත් විදිහට ප්‍රශ්නයක් තිබ්බා නම් විසදන්න එයා කටයුතු කරන්න තිබ්බා.

ඒ මොහොතේ ඔබ හිටියේ නැහැ කියලා කතාවක් තියෙනවා..?

උත්සවයේ වැඩ අවසන් වූ ගමන් මම එම ස්ථානයෙන් රෑ 12.45 ට පමණ පිටත් වුණා. ඒ වෙද්දී උත්සවයේ සියල්ල අවසන් වෙලා තිබ්බේ. මම මනාළියක් හැඩගන්වන්න ගියේ. මොන දේ තිබ්බත් මම මගේ රැකියාව කරන්න ඕන නිසා. මම ගියාට පස්සේ තමයි කැරොලයින් එයාගේ පීඩනය පිට කරලා තියෙන්නේ. ඒ වෙද්දී ආරාධිතයින් එහෙම පිටව ගිහින් තිබුනා. මාධ්‍ය ඉදිරියෙන් හිටපු නිසා මෙයා මයික් එකක් උදුරලා අරගෙන එයාගේ කතාව කියලා පුෂ්පිකාගේ හිසේ තිබුණු කිරුළ බලෙන්ම ගලවලා අරගෙන දෙවැනි තැන හිමි කරගත් තරඟකාරිනියට පලදලා. එයා අශෝබන, අසීලාචාර විදිහට හැසිරිලා තියෙන්නේ. එයාගේ හැසිරීම අපේ රටේම කතාබහට ලක් වෙලා. ඒ විතරක් නෙමෙයි මෙය ජාත්‍යන්තර මාධ්‍යයෙන් පවා කතා කරන මට්ටමට ඇවිත්. ගැහැණු කෙනෙක් තවත් ගැහැණු කෙනෙකුට ප්‍රසිද්ධියේ ඒ විදිහට සලකන එක වැරදියි. සාමාන්‍ය පුද්ගලික හැටියට මමත් ඒ ගැන කණගාටු වෙනවා. විනිශ්චය හරි තීරණයක් දීලා තියෙද්දී එයා එහෙම හැසිරුණේ සමහර විට එයා කැමති කෙනා ජයග්‍රහණය කරේ නැති නිසා වෙන්න ඇති. ප්‍රශ්නයක් තිබ්බා නම් වැදගත් විදිහට එයාට තිබ්බා ලෝක විවාහක රූ රැජිණ සංවිධානයට කතා කරලා විසදුමක් ගන්න. එහෙම නැතුව එයාගේ හැඟීම් මේ විදිහට ප්‍රකාශ කරන එක නෙමෙයි වැදගත්කම කියන්නේ.

කිරුළේ සැබෑ අයිතිකාරිය කවුද කියලා තෝරන වගකීම තියෙන්නේ කාටද, ඔබටද එහෙම නැත්තම් ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලින් ජූරීටද..?

මේ සිදුවීමෙන් අනතුරුව රෝසි සේනානායක මහත්මියගේ උදව්වෙන් මම ලෝක විවාහක රූ රැජිණ සංවිධාය සම්බන්ධ කරගත්තා. ඔවුන් ඊයේ රෑ ලිඛිතව මාව දැනුවත් කළා එහි සම්පුර්ණ අයිතිය තියෙන්නේ මට කියලා. ඇයට කිසිම අයිතියක් නැහැ කියලා. ඒ නිසා කිරුළ නැවත පුෂ්පිකාට ලැබෙනවා. මොකද ඇය තමයි ගරු විනිශ්චය මණ්ඩලයේ තීරණය අනුව තේරුණු රුවැත්තිය නිසා. එහි බලතල මට පැවරුණා වගේම ඔවුන් සඳහන් කර තියෙනවා ප්‍රසිද්ධියේ කරෝලයින්ට පුෂ්පිකගෙන් සමාව ගන්න කියලත්.

ජාත්‍යන්තරයත් මුළු මහත් සමාජයත් කතා කළ මෙම සිදුවීම නිසා වසර 35කට පසුව හිමි වූ ලෝක විවාහක රූ රැජිණ කිරුළ කැරෝලයින්ට අහිමි වෙයිද..?

විවාහක රූ රැජිණක් කියන්නේ ලෝකයටම ආදර්ශමත් කාන්තාවක්. ඒ නිසා ඒ කිරුළ හිමි තැනැත්තිය ලෝකයේම කාන්තාවන්ට ආදර්ශමත් විදිහටයි කතා කරන්න හැසිරෙන්න ඕන. වසර 35කට පෙර ලෝක විවාහක රූ රැජිණ වූ රෝසි සේනානායක මහත්මිය දේශපාලනයට සම්බන්ධ වූ පසුත් සමාජයේ ජිවත් වුණේ හරි පරිස්සමට. ඇය කවදාවත් ඔය විදිහට හැසිරුණේ නැහැ. මේ වෙනකල් ලෝක විවාහක රූ රැජින වූ කිසිකෙනෙක් මේ විදිහට හැසිරිලා නැහැ. හේතුව ඒ රුවත්තියට බැහැ ඒ විදිහට හැසිරෙන්න. ඒ නිසා මාව දැණුවත් කරලා තියෙනවා ලෝක විවාහක රූ රැජිණ සංවිධානයෙන් ඇයව එරටට කැඳවා ප්‍රශ්න කර තීරණයක් ගන්න බව. මේ සිද්ධිය නිසා කැරෝලයින්ට කිරුළ අහිමි වෙන්න ඉඩකඩ තියෙනවා. නමුත් මම ප්‍රර්ථනා කරනවා එහෙම දෙයක් වෙන්න එපා කියලා. මොකද මම හරියට මහන්සි වුණා ඇයව සුදුසු මට්ටමට ගෙනත් ලෝක විවාහක රූ රැජින තරඟාවලිය ඉදිරිපත් කරලා කිරුළක් ගන්න. ඒ කිරුළ මටවත් කැරොලයින්ටවත් අයිති එකක් නෙමෙයි. ඒක අපේ රටට අයිති එකක්. අමාරුවෙන් ගත් කිරුළ අහිමි වුණොත් එහි අගෞරවය එන්නේ අපිට නෙමෙයි රටට. ඒ නිසා මම ප්‍රර්ථනා කරනවා එය එසේ වෙන්න එපා කියලා. මට එයා එක්ක කිසිම තරහක් නැහැ.

කිරුළ හිමි වූ පුෂ්පිකා ඊට නුසුදුසු යැයි කියන්නේ දික්කසාද කෙනෙක් නිසා කියලයි කියන්නේ, ඇත්තටම දික්කසාද හෝ දෙතැනක ඉන්න කාන්තාවකට මේ සඳහා ඉදිරිපත් වෙන්න බැරිද..?

එයා තවම දික්කසාද වුනු කාන්තාවක් නෙමෙයි. මේ තරඟයට ඉදිරිපත් වෙන්න කලින් පුෂ්පිකා අපිත් එක්ක කතා කරලා සියල්ල කිව්වා. ඇය දික්කසාද නඩුවක් ගොනු කළ පමණින් දික්කසාද ගැහැනියක් කියන්න බැහැ. ඒක එයාගේ පුද්ගලික දෙයක් ඒ ගැන පුෂ්පිකා කතා කරයි. තවම ඇය දික්කසාද කෙනෙක් නොවන නිසා එයා නුසුදුස්සෙක් කියන්න බැහැ. දෙතැනක ඉන්නවා කියන එක වැදගත් වෙන්නෙත් නැහැ. මේ ප්‍රශ්නයෙන් පස්සේ ලෝක විවාහක රූ රැජින සංවිධායකයින් පුෂ්පිකා ගැන සොයා බලා තිබෙනවා. පැය 24ක් යන්න කලින්. ඇය නුසුදුසු නම් ඔවුන් මාව දැනුවත් කරනවා. එහෙම දෙයක් නැහැ.

කැරොලයින් රූ රැජිණක් කළෙත් ඔබ, ඇය මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔබත් එක්ක කතා කළේ නැද්ද..?

මම ඇයට කතා කළා. නමුත් ඇය මගේ ඇමතුම් වලට සම්බන්ධ වුණේ නැහැ. මේ වෙද්දී ඇය ඒ ගැන දුක් වෙනවා ඇති. එයා කළේ පහත වැඩක් කියලා. ඇයගේ ක්‍රියාව සියල්ලන්ම හෙලා දකිනවා. මටත් මේ ගැන දුකයි. ඇය කාගේ හෝ උවමනාවකට මේ වගේ දෙයක් කළා වෙන්නත් පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
25
අවුල් වගේ !
15
හරි හිනා !
19
හම්මෝ !
11
මාර දුකයි !
17
කුජීතයි !
92
මලපනිනව !
17
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

බුකිය පුරා කතා වුන ඒ ආදරණිය විවාහය (Photos)

අද කලේ ගොඩක් සමාජයන් වල විවාහය කියන්නේ නීති කොන්ත්රාත්තුවක් වගේ දෙයක් කිවොත් නිවැරදි.විවාහය යනු...

චන්දිමාල් ඔයාගේ මාකටින් වැඩ නම් නියමයි – ඕෂධී

විවාහක රූ රැජිණ ඉසව් ජයග්‍රාහිකාවක වන ඕෂධී හේවාමද්දුම විවාහක රූ රැජිණ කිරුළ මාරුකිරීමේ පළහිලව්ව...

ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන බිරිඳගේ උපන් දිනය වෙනුවෙන් පල කල ආදරණීය සටහන

ධනංජය සිරිවර්ධන කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පියෙක් .දින කිහිපයකට ඉහතදී ඔහු සහ...

ඩොක්ටර් නැන්දි කැමතිනම් විතරක් ඊළඟ ආත්මේ මගේ අම්මා වෙන්න

පවුලේ කෙනෙකුට සුවකරන්න අපහසු ලෙඩක් හැදුනොත් ඒ පවුලම කොයි තරම් අසරණ වෙනවද..?පිළිකා රෝගය කියන්නෙත්...

පුෂ්පිකා ද සිල්වාගේ දේශපාලන බලාපොරොත්තුව

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x