30 C
Colombo
Wednesday, June 16, 2021
logo

කැස්බෑ, ඩොල්ෆින් සිරුරු වෙරළ වෙත ගොඩගසයි – නැව තවත් ගිලෙයි

මියගිය මුහුදු ජීවීන්ගේ සිරුරු විශාල ප්‍රමාණයක් මේවන විට මෙරට වෙරළ තීරයන්ට ගොඩගසමින් පවතින බව වාර්තා වෙනවා.

මෙම සතුන් අතරට කැස්බෑවන් 6 දෙනෙකු සහ එක් ඩොල්ෆින් සත්ත්වයෙකු ද ඇතුළත් බවයි පැවසෙන්නේ.

විවිධ ප්‍රදේශවලට මසුන් විශාල ප්‍රමාණයෙන් ගොඩගසමින් පවතින අතර කැස්බෑවුන් සහ ඩොල්ෆීන් සත්ත්වයා ගොඩගසා ඇත්තේ ඉඳුරුව, කොස්ගොඩ, වාද්දුව, දෙහිවල, පයාගල ඇතුළු වෙරළ තීරයන්වලට යි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙහි ආපදා සිදුවීම ආරම්භ වූවායින් පසු මින් පෙර ද මසුන් සහ කැස්බෑවුන් වෙරළට ගොඩගසා තිබූ අයුරු දක්නට ලැබුණා.

ඇතැම් කැස්බෑවුන් අසාධ්‍ය තත්ත්වයෙන් වෙරළට පැමිණ තිබුණු බවයි නිරීක්ෂණය වූයේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විනාශකාරී අම්ල සහ විෂ රසායනිකයන් ගණනාවක් ප්‍රවාහනය කරමින් තිබුණු අතර ඒවායින් බොහොමයක් සාගර ජලයට මුසු වූවා.

එමෙන්ම ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තයේ අමුද්‍රව්‍යයක්වන පොලිතීන් කැට ටොන් ගණනක් මුහුදු ජලය හා එක් වූ අතර මියගිය ඇතැම් සතුන්ගේ මුඛය, කරමල් සහ උදරය ආශ්‍රිතව එම කැට තැන්පත් වී ඇති බවයි නිරීක්ෂණය වූයේ.

මේ අතර මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තවදුරටත් සාගර ජලයෙන් වැසී ගොස් තිබෙන අයුරු මේවන විට දක්නට හැකියි.

නාවික හමුදාව විසින් එහි දත්ත රෙකෝඩරය ගොඩ ගෙන ඇති අතර එය මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත් කොට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
27
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
5
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තවත් සති දෙකකට සංචරණ සීමා දීර්ඝ වෙයිද.?

පනවා ඇති සංචරණ සීමා කඩ කරන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් කොවිඩ් රෝග පාලනයට තවත්...

ප්‍රසිද්ධ නිළියගේ දුවගේ කොණ්ඩය බලහත්කාරයෙන් කපලා

ප‍්‍රසිද්ධ වේදිකා සහ ටෙලිනාට්‍ය නිළියකගේ දියණියකගේ පානදුර ගොරකාන ප‍්‍රදේශයේ ඇති රූපලාවන්‍යාගාරයට කඩාවැදී ඇයට පහර...

තවත් කොරෝනා මරණ 101ක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ 101 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2000...

තෙල් බාලාගේ දියණිය මත්ද්‍රව්‍ය සමග STF අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් කරුපයියා බාලන් නොහොත් තෙල්...

දවසක් රෑ මම සන්ධ්‍යාට දසවධ දුන්නා. මගේ අතට අහුවුණු මන්නය අරගෙන කෙටුවා.

ජීවිතේ සමහර තැන් වරද්දගත්තොත් හැමදාමත් ඒ් ගැන හිත හිත පසුතැවිලිවෙන්න වෙනවා.මේ කියන්න යන්නෙත් හෙටත්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x