රැකියාවක් ලැබීමේ ප්‍රීතිය මරණ දෙකකින් කෙළවර වෙයි

කැළණි ගඟේ දියේ ගිලී අතුරුදන් වූ තරුණයින් දෙදෙනාගේ සිරුරු හමුවේ

කැළණි ගඟේ ස්නානය කරමින් සිටියදී දියේ ගිලීම හේතුවෙන් අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ සිරුරු අද උදෑසන සොයාගෙන තිබෙනවා.

ඒ, නවගමුව පොලීසිය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි.

මිය ගිය තරුණයන් දෙදෙනා ඇතුළු සිව් දෙනෙකු ඊයේ පස්වරුවේ මීපිටිය පාලම අසළින් කැළණි ගඟේ දිය නෑම සඳහා ගොස් තිබුණා.

එම අවස්ථාවේදී ඔවුන් මත්පැන් සාදයක් ද පවත්වා ඇති අතර එක් තරුණයෙකු දියේ ගිලීම හේතුවෙන් ඔහු බේරා ගැනීමට අනෙක් තරුණයා ද ගඟට පැන තිබෙනවා.

එම අවස්ථාවේදී ඔහු ද දියේ ගිලී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

28 සහ 18 හැවිරිදි වියේ පසුවන මෙම තරුණයින්  රනාල – සුදුවිල සහ ගලේවල – මැදබැද්ද – දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවන්.  

ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයා රැකියාවට මෙම ප්‍රදේශයට පැමිණ ඇති අතර ඔහු ඉන් සමත් වීමේ ප්‍රීතිය නිමිත්තෙන් මෙම සාදය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..

කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දස වැනි මහලෙන් බිමට පැන...

රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

ලස්සන කවියක් කියා මව සමඟ යන්නම ගිය සමනලිය

බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද...

උමාරියාගේ ප්‍රකාශය පොලිසියේ අවධානයට (VIDEO)

සමාජයේ විවිධ කේෂ්ත්‍රවල සිටින ජනප්‍රිය පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදුවන අපහාසාත්මක ක්‍රියාවන් දිනෙන් දින...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x