කිරිපිටිත් මිල වැඩි වෙන්න පුලුවන්….

අවසන්වරට මෙරටතුල කිරිපිටි මිල ඉහළ දැමීමෙන් පසුව මේ දක්වා ලෝක වෙළඳපලේ කිරිපිටි මිල 10% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ.

මෙරට තුළ පවතින විදේශ සංචිත අර්බුදය හමුවේ ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව කිරිපිටි ආනයනකරුවන් බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බවත් දැනට පවතින කිරිපිටි හිගය මගහරවා ගැනීමට තවත් මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවත් අශෝක බණ්ඩාර මහතා පෙන්වා දුන්නා.

එම නිසා යළිත් වරක් කිරිපිටි මිල සංශෝධනය කිරීමට සිදුවිය හැකිබව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
1
මාර දුකයි !
4
මලපනිනව !
1
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්