කුඩා දරුවන් අතර බෝවන තවත් රෝගයක්

කුඩා දරුවන් අතර බෝවන වෛරස රෝගයක් මේ දින වල පැතිරෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඔහු කියා සිටියේ අත්, පා, මුඛ රෝගය ලෙස හඳුන්වන මෙම රෝගය වයස අවුරුදු 6ට අඩු දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන බවයි.

මුඛය තුල සහ ශරීරයේ විවිධ ස්ථාන වල රතු පැහැ ලප ඇතිවීම මෙම වෛරස රෝගයේ ප්‍රධානතම ලක්ෂණය වන අතර ඇතැම් විට උණ ඇතිවීමේ හැකියාවද පවතිනවා.

ආහාර ගැනීමේ අපහසුතාවයද මෙම රෝගය නිසා ඇති වන තවත් තත්වයක්.

මෙම රෝග ලක්ෂණ සහිත දරුවන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ දින වල රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයට වැඩි වශයෙන් පැමිණෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට කඩිනමින් කටයුතු නොකළහොත් දරුවන්ගේ නියපොතු පවා ගැලවී යා හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
12
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පහරදී මරා දැමු තරුණයෙකුගේ සිරුරුක් කැළණියෙන් හමුවෙයි

පෑලියගොඩ, වනවාසල පාරේ තිබී තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය සඳහන් කර...

සුරූපී රංගන ශිල්පිනී දිනිති වල්ගමගේ බුකිය කළඹමින් තවත් හැඩ වෙයි

කාලෙන් කාලෙට කතා මවන චරිතයක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ. ඇය සමාජ මාධ්‍ය හරහා නිතරම වගේ...

මගේ දුරකථන ඇමතුම් වලට හොරෙන් ඇහුම් කන් දීලා – චම්පික ගෙන් චෝදනාවක්

Whatsapp තාක්ෂණය ඔස්සේ තමන් සිදුකරන ලද දුරකථන ඇමැතුමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ තාක්ෂණික...

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තිසර, වනිඳු, අවිශ්ක හා මහීෂ් රඳවා ගනියි

පසුගිය වසරේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) කිරුළ දිනූ ජයග්‍රාහී යාපනය කණ්ඩායමෙන් මෙවර තරගාවලිය සඳහා...

කැනඩාවට ආසන්න මුහුදේ දී රසායනික ද්‍රව්‍ය රැගත් බහලුම් නෞකාවක ගින්නක්

කැනඩාවේ වැන්කුවර් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී රසායනික ද්‍රව්‍ය රැගත් බහලුම් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. මෙලෙස...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x