කුඩා වාහනවලින් ගමන් කරන අයට පොලීසියෙන් පණිවුඩයක්

ගතවූ පැය 24ක කාලය තුළ රිය අනතුරුවලින් සිදුවූ මරණ 9ක් වාර්තා වී තිබේ.

පොලීසිය පවසන්නේ එම මරණවලින් 7ක්ම යතුරුපැදිවලින් ගමන් ගත් පුද්ගලයින් බවය.

අනෙක් දෙදෙනා ත්‍රීරෝද රථවලින් ගමන් කළ පුද්ගලයින්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ කුඩා වාහනවලින් ගමන් කරන පිරිස් වැඩි වශයෙන් රිය අනතුරුවලට ලක්වීමේ තත්ත්වයක් දැකගත හැකි බවය.

දිනකට 40ක් වැනි පිරිසක් රිය අනතුරුවලින් තුවාල ලබන බවද ඔහු පැවසීය.

ඒ අනුව කුඩා වාහනවලින් ගමන් කරන පිරිස් වඩාත් ආරක්ෂාකාරීව මාර්ගවල ගමන් කළයුතු බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මේ අතර වාහන දඩ මුදල් විද්‍යුත් ක්‍රමයට ගෙවීම සහ රියදුරන් වෙනුවෙන් කුසලතා ලකුණු ක්‍රමය ළඟදීම හඳුන්වාදීමට පියවර ගන්නා බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔහු පෙන්වාදෙන්නේ කුසලතා ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා නීති සහ දත්ත පද්ධති පවතින අතර ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමට මේ වනවිටත් පියවර ගනිමින් සිටින බවය.

මේ අතර මාර්ග අවහිර කරමින් සිදුකරන යාචක ව්‍යාපාරය නතර කිරීමට පියවරගන්නා බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
3
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
4
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
5
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රත්නපුරයේ පාසල් දරුවෙක් අතුරුදන් – CCTV දර්ශන හමුවේ

රත්නපුර, මලංගම, ආටිගල මාවතේ පදිංචි 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් සිසුවෙක්...

සීඅයිඩිය මීළඟට වැඩේ දෙන්නේ මෙයාට – හරීන්ගෙන් අනාවැකියක්

ඊළඟට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් හඹා යන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳව හෙළිදරව්වක්...

දරුවන්ට ඔන්ලයින් හිංසන වැඩි ප්‍රදේශ දෙකක්

ඔන්ලයින් හරහා දරුවන් හිංසනයට සහ විවිධ අපචාරවලට වැඩි වශයෙන් ගොදුරු වන ප්‍රදේශ දෙකක් හඳුනා...

රාජ්‍ය ඇමති හදිස්සියේ ජනතාවගෙන් ඉල්ලු දේ

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණයට ලක්වීමේ වැදගත්කම සෞඛ්‍ය බලධාරීන් නැවත නැවතත් අවධාරණය කරති.වසංගත...

තවත් කොවිඩ් මරණ 48ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 48 ක් ඊයේ (26) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x