කුරුණෑගල එක් ප්‍රදේශයක් හුදකලා කෙරේ

කුරුණෑගල, ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිත්තවැල්ගාය ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා. තිත්තවැල්ගාය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු හමුවීමත් සමග එම තීරණය ගත් බවයි ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කලේ.

එම ප්‍රදේශයේ පවුල් 64ක පුද්ගලයින් 267 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ඇතැම් ස්ථානවලදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව අනුගමනය නොකිරීම හේතුවෙන් ඉදිරියේ දී කොවිඩ් -19 ආසාදිතයින්ගේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඉදිරි සති 04ත් 6ත් අතර කාලය තුළ මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
2
හරි හිනා !
4
හම්මෝ !
7
මාර දුකයි !
22
කුජීතයි !
5
මලපනිනව !
7
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ලොක්ඩවුන් කඩාගෙන ජනතාව හොර රහසේ එලියට – හමුදා ආරක්‍ෂාව ඉල්ලයි

හුදකලා කර ඇති වතු ආශ්‍රිත ප්‍රදේශවල වතු කම්කරුවන් නගර වලට රහසිගතව පිවිසෙන බවත්, හුදකලා...

සංචරණ සීමා පැනවීමත් සමග ‘ප්‍රවාහන සේවා සිදු වන්නේ’ මෙලෙසයි – සජීවීව මාධ්‍ය හමුව නරඹන්න

පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමග ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ...

එතනෝල් තොගයක් හොරට ප්‍රවාහනය කරද්දී හසුවෙයි

ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් රවාහනය කළ එතනෝල් තොගයක් සහිතව පුද්ගලයෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ...

කොරෝනා එන්න කලින් ලෙඩ ගොඩක් පෙන්නනවා – රෝග ලක්ෂණ ගැන වෛද්‍යවරයෙකු පළමු වරට හෙළි කරයි

වෛරසය පලමු දවසේ ඇඟට ඇතුළු වූ විට දවස් තුනක් දක්වා ඒ රෝගය පළමු අදියරය...

ඊයේ ලංකාවෙන් කොරෝනා මරණ 25ක් ද ?

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 14 දෙනකු මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.මේ සමග...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x