කුරුණෑගල කොරෝනා අවදානම ඉහළට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නැවත වරක් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු හඟවති.

මේවනවිට කුරුණෑගල මල්ලවපිටිය, දොඩම්ගස්ලන්ද, ඉබ්බාගමුව, මහව, ගනේවත්ත, කුඹුක්ගැටේ, කුලියාපිටිය ප්‍රදේශ ආශ්‍රිතව නැවත කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

මෙවර සිංහල අළුත් අවුරුද්දට පෙර කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් ඉබ්බාගමුව තැපැල් කාර්යාලය කාර්ය මණ්ඩල සාමාජිකයන් හය දෙනෙකු සහ ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බළ ප්‍රදේශයෙන් පුද්ගලයන් 28 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස වාර්තා වී තිබේ. 

මෙය මෑත කාලයේදී එක් දිනක් තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන බවද පැවසේ.

ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බළ ප්‍රදේශයට අයත් තිත්තවැල්ගාල, හුනුපොළ වේදෙනිය, කුඹුක්ගැටේ ප්‍රදේශ වලින් මේවනවිට කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකුම වාර්තා වී ඇති අතර ඉන් බහුතරයක්ම කාන්තාවන් බව කියයි. මේ පිරිස අතර වයස අවුරුදු 8, 10, 14 අතරේ කුඩා දරුවන්ද සිටිති. මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන තිත්තවැල්ගාල ප්‍රදේශයේ ජනතාවට සංචරණ සීමා පැනවීමටද ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම අවදානම් තත්ත්වය හේතුවෙන් ඉබ්බාගමුව තැපැල් කාර්යාලය දින කීපයක් වසා දැමීමටද සිදුව තිබූ අතර අවදානම හේතුවෙන් ලංගම බස් රථ පවා තැපැල් මළු ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කළ වද වාර්තා විය. මෙම තත්ත්වය මත තැපැල් සේවයේ වාහන යොදවා ඉබ්බාගමුවේ තැපැල් මළු කුරුණෑගල දක්වා ප්‍රවාහනය කිරීමට සිදුව තිබේ.

පසුගිය කොරෝනා වාරයේදී කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලයෙන් සහ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් වාර්තා වූ කොරෝනා පොකුරු හේතුවෙන් සති ගණනාවක්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවාව අත්හිටුවීමටද සිදු විය.

මීට මාස දෙකකට පමණ ඉහතදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉහළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුවද පසුගිය අවුරුදු සමය එළඹෙන විට එම සංඛ්‍යාව ඉතාම පහළ මට්ටමක පැවතුනි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේ මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් වන රෝගීන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළද ඉන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් වාර්තා වීම ඉතා පහළ අගයක පවතින බවය. නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වලින් නැවත වරක් ඉහළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වීම ඉතා අවදානම් තත්ත්වයක් වන බවය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මත්ද්‍රව්‍ය ගන්න එපා කිව්වැයි කිපි මවට සහ බිරිඳට මන්න පහරදී ගෙටත් ගිනි තබලා

මහරගම පොලිස් වසමේ දුම්රියපොළ පටුමග ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස පේළියක ජීවත්වන පුද්ගලයෙකු 11 වන...

කොවිඩ් ආසාදනයවී නිවෙස්ගතව සිටින රාජ්‍ය සේවකයින්ට විශේෂ සහනයක්

කො‍රෝනා ආසාදනය වී නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයින්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ...

ඊයේ ලිට්රො නගිද්දී අද ලාෆ් ගෑස් මිලත් අහස උසට

ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව කිලෝ...

නව චක්‍රලේඛයක්

කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත්...

සියල්ලන් පුදුම කරමින් නිදා සිටි කතකගේ ඇඳ මතට උල්කාපාතයක් කඩා වැටෙයි

ඉතා දුර්ලභ සංසිද්ධියකට මුහුණදුන් කාන්තාවක් අරුම පුදුම ලෙස සිය ජීවිතය බේරාගැනීමේ පුවතක් කැනඩාවෙන් වාර්තා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x