කුරුණෑගල නගරාධිපති උපන්දින සාදයක් දාලා (වීඩියෝ)

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඊයේ (30) සිය උපන්දින සැමරුම පොලිස් නිලධාරීන්ද පිරිවරා පවත්වා තිබෙනවා.

කොවිඩ් -19 වසංගය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය විසින් සංවිධානය කරන සත් දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.

එම ස්ථානයට කුරුණෑගල නගරාධිපතිවරයා ඊයේ පස්වරුවේ සහභාගි වූ අතර එහිදි පොලිස් නිලධාරින් විසින් නගරාධිපතිවරයා වෙනුවෙන් උපන්දින කේක් ගෙඩියක් සූදානම් කර තිබෙනවා.

පසුව නගරාධිපතිවරයා එය කපා උපන්දින සාදය එම ස්ථානයේම පවත්වීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එය නිරෝධායන නීතින්ට පටහැනි ක්‍රියාවක් බවයි.

ඔහු සදහන් කරන්නේ මෙම සිදුවීම විමර්ශනය කිරීම සඳහා පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
3
31.svg?v=2.6
මාර දුකයි !
3
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
5
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පිළිකාව විනාශ කරන පෝෂක ඖෂධයක්

පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ කීපයක් ළගදීම වෙළෙදපොළට නිකුත් කරන බව කොළඹ...

පළමු වරට ජංගම දුරකථන අංක මාරු කිරිමේ ක්‍රමවේදයට අවසර දෙයි

ජංගම දුරකථන සඳහා භාවිතා කරනු ලබන අංක හුවමාරු කිරිමේ ක්‍රමවේදය සඳහා විදුලි සංදේශන නියාමන...

මිණිබිරිය නිසා තනතුරෙන් නොයා ඉන්න විදුහල්පතිනිය

විශ්‍රාම යාමෙන් පසුවත් තනතුරේ රැඳී සිටීමට කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක විදුහල්පතිනියක් මේ දිනවල...

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...

මහ බැංකු බැඳුම්කර වංචා නඩු සම්බන්ධ නීතිපතිවරයා කල ඉල්ලීම

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x