කුසල්, පළමු එක්දින තරඟයේ පරාජයට හේතු කියයි

බංග්ලාදේශය සමඟ ඊයේ පැවති පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 33 ක පරාජයක් අත්වුණා.

බංග්ලාදේශය සිය පන්දුවාර පනහ තුළ කඩුළු 06 ක් දැවී ලකුණු 257 ක් රැස්කළ අතර, ශ්‍රී ලංකා පිලට පන්දුවාර 48 යි එක් පන්දුවකදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 224 ක් පමණයි.

ඩකා නුවර ෂර්-බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේදී ලකුණු 258 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිල 28 වන පන්දුවාරය අවසානයේ කඩුළු 06 ක් දැවී ලබා සිටියේ ලකුණු 102 ක් පමණයි.

නායක කුසල් ජනිත් ලකුණු 30 ක්ද, උපනායක කුසල් මෙන්ඩිස් ලකුණු 24 ක්ද රැස්කරගත් අතර, ධනුෂ්ක ගුණතිලක ලකුණු 21 ක් ලබා ගත්තා.

ඉන් අනතුරුව ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ වනිඳු හසරංග පන්දු 60 කදී ලකුණු 74 ක් රැස්කළේ හයේ පහර 05 ක්ද සමඟින්.

ඔහු ඉසුරු උදාන සමඟ එක්ව 44 වන පන්දුවාරය වනවිට 08 වන කඩුල්ල සඳහා ලකුණු 62 ක් රැස්කළේ ශ්‍රී ලංකා පිල ජයග්‍රහණයේ මානයට රැගෙන එමින්.

කෙසේ නමුත්, ලකුණු 30 කට කඩුළු 04 ක් බිඳ හෙලූ මෙහෙදි හසන් මිරාස් සහ ලකුණු 34 කට කඩුළු 03 ක් බිඳ හෙලූ මස්තෆිසූර් රහ්මාන්ගේ දස්කම් හමුවේ ශ්‍රී ලංකා පිල ලකුණු 224 කට දැවී ගියා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ 03 කින් යුත් එක්දින තරඟාවලියේ 1 ට 0 ක් ලෙස ඉදිරියට පැමිණීමට බංග්ලාදේශය සමත් වුණා.

දෙවන තරඟය හෙට නැවතත් ඩකා නුවරදී පැවැත්වීමට නියමිතයි.ශ්‍රී ලංකා පිලේ පරාජයට තමා ඇතුළු මුල්පෙල පිතිකරුවන් ප්‍රමාණවත් දස්කම් නොදැක්වීම හේතු වූ බවයි තරඟයෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා එක්දින පිලේ නව නායක කුසල් ජනිත් පෙරේරා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
6
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
5
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ආදිවාසී කෙල්ලෙක් මහ කැලේ පිරිමි 7 ක් එක්ක කරපු වැඩේ පොලීසියට මාට්ටු

දිබුලාගල බිම් පොකුණ ප්‍රදේශයේ කැලෑවක ඊයේ උදෑසන හෙරොයින් පානය කරමින් සිටි අවුරුදු විස්සක ආදීවාසී...

ලොව උසම කාන්තාව ගීනස් ලෝක වාර්තාව පිහිටුවමින් ලෝකයට කී දේ

ජීවතුන් අතර සිටින උසම කාන්තාව ලෙස නව ගීනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට අඩි හතකුත් අඟලක්...

ත්‍රිකුණාමලයෙන් අවසන් වූ නවසීලන්ත ගමන

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන්, විදෙස්ගත වීමට සූදානමින් සිටි පුද්ගලයින් 65 දෙනෙකු ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට ගෙන...

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිසට ඇප

ලක් සතොසේ සිදුවුයේ යැයි සැලකෙන සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සතොස නිලධාරින් සිව්දෙනා සහ...

සියල්ලන් බලා සිටියදී, කෙහෙවලු පටලා ගන්නා ගුරුවරු – මෙන්න වීඩියෝව

ගුරුවරුන් සියලුදෙනා යළි දරුවන්ට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ යුතු බව කෝට්ටේ ශ්‍රී කළ්‍යානි, සාමග්‍රී...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x