කුසල් මෙන්ඩිස්ට පානදුර අධිකරණයෙන් දැඩි අවවාද

අපරික්ෂාකාරි අන්දමින් මෝටර් රථයක් පදවා රිය අනතුරකින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කළැයි කියන සිද්ධියකට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන සැප්තැම්බර් මස 29  වනදා තෙක් කල් තබන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය නියෝග කර තිබෙනවා.

සැකකරුට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් 50,000ක ඇප බැදුම්කරයකට යටත්ව  තාවකාලික රියදුරු බලපත්‍රයක් මුදාහරින ලෙසටයි නියෝග කළේ.

අනතුර සිදුවී වසරකට ආසන්න කාලයක් සැකකරුගේ රියදුරු බලපත්‍රය අධිකරණය භාරයේ ඇති බැව්න් සහ, ජාතික ප්‍රවාහන අධිකාරියේ වෛද්‍ය සභා වාර්තාව අධිකරණයට ලැබී ඇති බැවින් සැකකරුගේ රියදුරු බලපත්‍රය මුදාහරින ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ  කපිල වෛද්‍යරත්න කළ ඉල්ලීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබෙනවා.

“මේ රටේ මිලියන විස්සක් පමණ ජනතාව ජීවත් වෙනවා. ඔය අවස්ථාව ලැබෙන්නේ එකොළොස් දෙනෙකුට පමණයි. ඒ එකොළොස් දෙනා අතරට එන්නට විශාල පිරිසක් උත්සාහ දරනවා. මොනවා කලත් හෘදසාක්ෂියට බොරු කරන්න බැහැ. මින් ඉදිරියේ දී පරිස්සමෙන් රිය පැදවිය යුතුයි. අනිත් අයගේ කීර්ති නාමයටද කැළලක් නොවන අයුරින් පරිස්සමෙන් සාවධානව කටයුතු කරන ලෙස නියෝග කරනවා.”

බීමත්ව සිටි බවට කරුණු අනාවරණය නොවන බැවින් රුපියල් 50,000ක ඇපයකට යටත්ව තාවකාලික රියදුරු බලපත්‍රයක් මුදාහරින බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.

සැකකරුගේ රියදුරු බලපත්‍රයේ පිටපතක් සහ රක්ෂණ සහතික පිටපතක් නඩු වාර්තාවට ගොනුකරන ලෙසද අධිකරණය නියෝග කර තිබෙනවා.

උප පොලිස් පරීක්ෂක පාලිත කන්නන්ගර අධිකරණය හමුවේ කියා සිටියේ මරණයට පත් පුද්ගලයාගේ බිරිඳ වෙත නිවසක් ඉදිකර දෙන බවට සැකකරු පොරොන්දු වී තිබෙන බවයි.

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවට තමන් සහභාගී සහභාගි නොවූ බවත්, යුක්තියේ සාධාරණත්වය අනුව ඒ පිළිබඳ කටයුතු කරන ලෙසත් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ සදහා අවශ්‍ය වන්නේ නම්, වසර දෙකක් ගතවීමට ප්‍රථම දිසා අධිකරණයේ නඩුවක් පවරන ලෙසත්, නොමිළයේ නීති ආධාර ලබගැනීමට අවශ්‍ය නම් මෙම අධිකරණ පරිශ්‍රයේම ඇති නීති ආධාර කොමිසම වෙත දැනුම් දී නොමිලේ නීති ආධාර ලබා ගැනීමට ලබාගැනීමට කටයුතු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විත්ති පාර්ශ්වයට උපදෙස් දෙනු ලැබුවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගේ උපදෙස් පරිදි සැකකරුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන බව පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොන්දොස්තර නැතුව බස් ධාවනයට අවසර ඉල්ලයි

බස් රථවල ආදායම අඩුවීම සහ සේවකයන් නොමැතිවීම පිළිබඳව අවදානය යොමු කර කොන්දොස්තරවරයා නොමැතිව බස්...

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පහරදීමේ වීඩියෝව පත්තු වෙද්දී පොලිසියෙන් ලැබුණු විශේෂ සැලකිල්ල හඬ පට සහිතව මෙන්න

මහජනතාවට පිහිටට ඉන්න ආයතනයක් තමයි පොලිසිය.හැබැයි මහජනතාවට ආරක්ෂාවක් වගේම පිහිටක් මේ පොලිසිය මගින් වෙනවද..?උතුම්...

“බබාලා 6 දෙනාම එළියට ගන්න ගියේ විනාඩි දෙකයි” සය නිවුන් දරුවන් එළියට ගත් දොස්තර කතා කරයි

අම්මෙක් තාත්තෙක් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ කොච්චර ආසාවෙන්ද?  වෙහෙර විහාරස්ථානවලට, පල්ලි පන්සල්වලට බාරහාර වෙලා දරුවො...

සැවොම බලා සිටි සිමෙන්ති ප්‍රශ්නයට ලැබුණු සුබ පිළිතුර මෙන්න

ඉදිරි සති 3 ඇතුළත වෙළෙඳපොළට අවශ්‍ය සිමෙන්ති ආනයනය කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවට ආනයනකරුවන්...

තවත් කොරෝනා මරණ 18ක්..

තවත් කොරෝනා මරණ 18ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x