27 C
Colombo
Sunday, April 11, 2021

කුළියට සාමාන්‍ය පෙළ ලියා මාට්ටු.. අන්තිමට පොලිසියෙන් නවතී..

අ‍.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට වලස්මුල්ල ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ පෙනි සිටින පුද්ගලික අයදුම්කරුවෙකු වෙනුවට පෙනී සිටි වෙනත් අයෙකු  වලස්මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පවසයි.

වලස්මුල්ල ජාතික පාසලේ අංක 5 විභාග ශාලාවේ පෙනී සිටීමට නියමිත වලස්මුල්ල නතුවල ප්‍රදේශයේ පුද්ගලික අයදුම්කරු වෙනුවට වලස්මුල්ල බෝවල පහළ ප්‍රදේශයේ සිසුවෙකු ව්‍යාජ ලෙස විභාගයට පෙනී සිටියදි විභාග ශාලාධිපති විසින් පොලිසියට දැන්වීමෙන් පසු පොලීසිය පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර සිසුවා 2020 උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුවෙකු බවද අනාවරණය වී තිබේ.

සැකකාර සිසුවා අද (06) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඩී.ජී.සුගතපාල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඇස්ට්‍රා සෙනිකාට තිඹිරිගෙයින්ම රතු එළියක්

වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් සඳහා ඇස්ට්‍රා සෙනිකා එන්නත වෙනුවට ආදේශක එන්නතක් ලබාදියයුතු බවට...

චීන කොරෝනා එන්නතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිත...

සඳුදා රජයේ නිවාඩු දිනයක්

අප්‍රේල් 12වන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ...

කොළඹට පුළුවන් නම් යාපනයට බැරි ඇයි ?

එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය සඳහා අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්...

බදුල්ල රෝහලේ අසාමාන්‍ය සැත්කමක්

තරුණියකගේ උපතින්ම කන්වල පිහිටි අසාමාන්‍ය තත්ත්වයක් රූපලාවන්‍ය සැත්කමක් මගින් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට බදුල්ල...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x