25 C
Colombo
Tuesday, April 13, 2021

කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට ලකුණු 377 ක ඉලක්කයක්

මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 377 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. දෙවන ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 280 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා. කොදෙව් කණ්ඩායමේ දෙවන ඉනිම වෙනුවෙන් ක්‍රේග් බ්‍රැත්වේට් ලකුණු 85 ක් රැස් කළ අතර ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 71 ක් රැස් කළා. 

සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර කඩුලු 02 බැගින් දවාගත්තා. ලකුණු 377 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම, තරඟයේ සිව්වන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම වෙනුවෙන් කිසිවෙකු නොදැවී ලකුණු 29 ක් රැස් කරගෙන සිටියා. ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 17 ක් ලබා සිටි අතර නායක දිමුත් කරුණාරත්න රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 11 ක්. ඒ අනුව මෙම තරඟය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 348 ක් ලබාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඩිල්ෂි කුමාරසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් අද (9) පිහිටුවා තිබෙනවා.ඒ, ඩිල්ෂි...

ශ්‍රී ලංකාවට එන බංගලාදේශ ටෙස්ට් සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන බංගලාදේශ කණ්ඩායම නම් කර තිබෙනවා.නව ක්‍රීඩකයින්...

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග තරග වදින දවස මෙන්න

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ප්‍රදර්ශන...

ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ සභාපතිගේ කණ්ඩායම අතර තරගය ස්ථීරයි – ඩිල්ෂාන් නෑ?

ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රි ලංකා ක්‍රික‌ට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ...

මේ මොහොතේ ලෙජන්ඩ්ස් තරඟය පැවැත්වීම සුදුසු නෑ – ඩිල්ශාන් කියයි

පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රිකට් තරඟය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x