කොරෝනාව රටම ගිලගනිද්දී මාස්ක් එකක්වත් ‌දාන්නේ නැති ලංකාවේ එකම ගම මෙන්න

ලංකාවෙ සැඟවුණු ගම්මානයක් තමයි මේ ලකේගල කියන්නේ. 

ලකේගලත් එක්ක ගෙතුණු කතා බොහොමයක් තියෙනවා. 

රාවණා රජ දවස ඉඳන්ම මේ ලකේගල එහෙම නැත්නම් ලග්ගල, නාරංගමුව, රාවණාගම, මීමුරේ වගේ ගම්මානවල බොහෝ කතා සැඟවිලා තියෙනවා. 

අපි එනවා ලකේගල නාරංගමුවට. 

නාරංගමුව හැදුණු හැටි ඔබ දන්නවද? මේ අද්භූත ගමක්. 

හැබැයි සුන්දර, විශේෂ මිනිසුන් ජීවත් වන ගමක්. 

අපි ආවා පුංචි බණ්ඩා වෙදමහත්මයා හම්බවෙන්න. 

ඒකට හේතුව වෙදමත්තයා දන්නවා. 

කොවිඩ් වසංගතය මේ ගම අහලකටවත් ඇවිල්ලා නෑ. නගරෙ ඉන්න හැමෝම අනිවාර්යයෙන් මුඛ ආවරණ පැලඳගෙන ඉන්නේ වසංගතයෙන් බේරෙන්න. හැබැයි මේ ගම්මානයේ කවුරුවත් මුඛ ආවරණ පාවිච්චි කරන්නේ නෑ. මොකක්ද ඒකට හේතුව?

වසංගතය නම් මේ ගමට ආවෙම නෑ. මේ ගම්මානවල ජනතාව බණ්ඩාර දෙවියො, කන්දෙ දෙවියො තමයි අදහන්නේ. ඉස්සර මේ වගේ වසංගතයක් පැතිරීගෙන එද්දි ගමේ හතරකොනේ පඬුරු අරන් තියනවා. ඒ වගේ මේ වසංගතය එද්දිත් අපි ඒ විදියටම පඬුරු ගැටගැහුවා. අපේ කපුමහත්තයෙක් ඉන්නවා එයා එක්ක දේවාලෙට ගිහින් ගම ආරක්ෂා කරලා දෙන්න කියලා කන්නලව්වක් කරලා, හතර කොනේ සීමාවන්වල පඬුරු ගැටගැහුවා. ඒවා දැනටත් ඒ විදියටම තියෙනවා. ගම්බාරෙ දෙන දවසට තමයි අපි ඒ පඬුරු අරන් ගිහිල්ලා දෙවියන්ට ඔප්පු කරන්නේ. ඒ රැකවරණය නිසා ගම ආරක්ෂා වුණා කියන එක මගේ විශ්වාසය. අපි හැම තැනම ගියා. නුවර ගියා, කොළඹ හැම තැනම ඇවිද්දා. නමුත් අපි වසංගතයෙන් ආරක්ෂා වුණා. ඒ වගේම මීමුරෙත් බේරුණා. මීමුරේ ඉඳලා අපේ පුතෙක් ඇවිත් ඉන්නවා. ඒගොල්ලොත් කරන්නේ මම කියපු ආරක්ෂාවම තමයි. එතකොට මේ ගම්මාන දෙකේම දෙවියන් ඇදහීම වැඩියි. එතකොට අවුරුද්දකට වතාවක් දේවාලේ ගම්බාරේ කියලා රෑ දවල් දෙකේම ‘යක්කාරිය’ කෙරෙනවා. ඒ වගේම සෑම ගෙදරකම අවුරුද්දකට වතාවක් ලබාගන්නා අස්වනුවලින් ‘අඩුක්කුවක්’ සකසලා පුද පූජා පවත්වනවා. ඒවා ඉස්සර ඉඳලාම අපි කරගෙන ආවා. අපේ මුතුන් මිත්තො අපිව දැනුවත් කරලා තියෙනවා මේ වගේ වසංගතයක් එද්දි ගම්මානෙ හතර කොනේ පාරවල් සීමාවල පඬුරු අයින් කරලා ඒ බාරහාර ඔප්පු කරන්න, එතකොට වසංගත ඒ තරම් බලපාන්නෙ නෑ කියලා. බලපෑවත් ඒවා ඉක්මනින් නැතිවෙලා යන බව අපට කියාදීලා තියෙනවා. ඉතින් අපි දැනටත් ඒ කටයුතු කරනවා.

ඇයි මේ අපූරු මිනිස්සු හුදෙකලා වෙලා ඉන්නේ?

එක අතකට රටේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක ඒක හොඳයි කියලා හිතෙනවා.

මේ ගම නගරාසන්නව තිබුණා නම් මේ වෙද්දි වසංගතයට ගොදුරු වෙලා?

ඔව් ඒකත් එකක්. ඒ වගේම එහෙම වුණා නම් මේ ගමේ තියෙන සෞන්දර්යය පැරැණි සිරිත් විරිත් ඒවා ඔක්කොම අහෝසි වෙලා යෙනවා. දැනටත් මඟුලට මුත්තෙට්ටුවට අත්තම් ක්‍රමයට ගොවිතැන් කටයුතු කරගන්නවා මේ ගමේ මිනිස්සු. නමුත් අර විදිය වුණා නම් ඒවා ඔක්කොම නැතිවෙලා යාවි. සමහර විට නෑදෑකම් වෙනස් වෙලා යනවා, සැලකිල්ලක් නැතිව යනවා. පිටස්තර බලපෑම් ආවට පස්සේ මුදල් පසුපස දුවන්න පටන් ගත්තාම හුඟක් දේවල් වෙනස් වෙනවා. ඉතින් ඒ අතින් බලනකොට මෙහෙම හොඳයි කියලා හිතෙනවා. දුෂ්කරයි තමයි. නමුත් අපි පොඩි කාලේ ඉස්කෝලෙ ගිහින් ආවේ පල්ලේගමට හැතැප්ම පහක් පයින්.

මේක හරි අපූරු කතාවක්. අදටත් මේ වගේ ගම්මාන ලංකාවෙ තියෙනව. ඒකට කදිම උදාහරණයක් කදිම තෝතැන්නක් තමයි මේ නාරංගමුව ගම්මානය. අපේ රටේ තියෙන මේ සංස්කෘතිය, සිරිත්විරිත්, මේ බැඳීම් නිසා කොයි තරම් සමගියක් තියෙනවද. සමහර ප්‍රශ්නවලට තනි තනිව මුහුණ දෙනවටා වඩා හැමෝම එකතු වෙලා මුහුණ දෙද්දි ඒ ප්‍රශ්නෙ හොඳින් විසඳගන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි කොවිඩ් වසංගතය. මේ ගමේ හැමෝම එකතු වෙලා තමයි ඒකට මුහුණ දීලා තියෙන්නේ. අදටත් කිසිදු වසංගතයක් මේ ගම ඇතුළට ඇවිල්ලා නෑ. වෙදමහත්තයා කිව්ව එකමුතුකම තමයි ඒකෙ රහස.

චානක ලියනගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
184
අවුල් වගේ !
5
හරි හිනා !
6
හම්මෝ !
3
මාර දුකයි !
2
මලපනිනව !
10
කුජීතයි !
10

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්