30 C
Colombo
Wednesday, June 16, 2021
logo

කොරෝනා එන්නත ගත් ලොව පළමු පිරිමි පුද්ගලයා ජීවිතයෙන් සමුගනී

කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා එන්නත් වෛද්‍ය භාවිතය සඳහා නිකුත් කිරීමෙන් අනතුරුව එය ලබාගත් පළමු පිරිමි පුද්ගලයා වන විලියම් ශේක්ස්පියර් හෙවත් “බිල්” ඊයේ (25) දිනයේ දී සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.

ලෝකයේ වසංගතය සඳහා පළමුවරට භාවිතයට ගත් මෙන්ම පළමුවරට සාර්ථක වූ එන්නත වන ෆයිසර් එන්නත ලබාගත් පළමු පුද්ගලයා වන්නේ ද විලියම් ය.

ලෝකයේ කොරෝනා සඳහා එන්නත්කරණය ආරම්භ කළ පළමු රට වන්නේ බ්‍රිතාන්‍යය වන අතර බ්‍රිතානයේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලීය රෝහලේ දී විලියම් හට එන්නත ලබාදී තිබුණි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ඔහු විසින් කොරෝනා එන්නත ලබාගත්තේය.

විලියම් ඉතිහාසයට එක්වන්නේ ලෝකයේ වසංගතයක් වෙනුවෙන් දියත් කරන ලද දැවැන්තම එන්නත්කරණ ගෝලීය වැඩසටහනේ පළමු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙසයි.

විලියම් මිය යන විට 81 වැනි වියේ පසු වූ අතර ඔහුගේ මරණයට හේතුව අයහපත් සෞඛ්‍ය තත්ත්වය බවට අනාවරණය වී තිබේ.

විලියම් සමඟ එන්නත ගත් අනිත් තැනැත්තා වන්නේ මාග්‍රට් කීනන් නම් 91 හැවිරිදි කාන්තාවයි.

ඇය කොරෝනා එන්නත ගත් ලෝකයේ පළමු පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්වී සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
11
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
38
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
4
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ලෝකයම කළඹමින් ප්‍රංශ ජනපතිවරයාට කනේ පහරක් එල්ල කළ පුද්ගලයාගේ පැටිකිරිය මෙන්න

ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන්ට කම්මුල් පහරක් ගැසූ පුද්ගලයා හිට්ලර් අනුගාමිකයකු බව හෙළි වී ඇත.ඔහුගේ...

කොරෝනාවට සමාන වෛරසයක් සොයාගනී

චීන පර්යේෂකයන් පිරිසක් වවුලන් තුළ නව කිරීටක වයිරස් සමූහයක් සොයාගෙන ඇති අතර ඉන් එකක්...

දකුණු කොරියාවේ මහල් පහක ගොඩනැගිල්ලක් පාරට කඩා වැටෙන හැටි

දකුණු කොරියාවේ මහල් පහක ගොඩනැගිල්ලක් බස් රථයකට කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් පුද්ගලයින්...

37 වැනි වරටත් විවාහ වූ පුද්ගලයා

මැද පෙරදිග රටක පුද්ගලයෙක් 37 වැනි වරටත් විවාහ දිවියට ඇතුළත් වූ බව විදෙස් මාධ්‍ය...

ලෝකයේ ලොකුම පවුලේ පියා මිය යයි

ලෝකයේ විශාලතම පවුල යැයි විශ්වාස කරන චානා පවුලේ පියා මිය ගොස් ඇති බව වාර්තා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x