කොරෝනා එන්නත ගැන ජනතාව උනන්දු කරන්න ලොතරැයියක්

කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා ඇතැම් පිරිස් තුළ ඇති අඩු උනන්දුව තුරන් කිරීම පිණිස අපූරු උපක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බලධාරීන් පියවර ගෙන තිබේ. මෙහි දී ඔවුන් බලාපොරොත්තු වන්නේ විශාල තෑගි මුදලක් පිරිනමන ලොතරැයියක් පැවැත්වීමටයි.

මෙම ලොතරැයියට සහභාගි විය හැක්කේ කොවිඩ් එන්නත ලබා ගත් පුද්ගලයන්ට පමණි. සතියකට එක් වරක් බැගින් සති පහක් අඛණ්ඩව දිනුම් ඇදීම් සිදුවනු ඇත. එක් දිනුම් ඇදීමක දී ජයග්‍රාහකයාට ඇමෙරිකානු ඩොලර් මිලියනයක තෑග්ගක් හිමි වේ. එය ලංකා රුපියල්වලින් කෝටි 20 කට ආසන්න මුදලකි. එම මුදල් පිරිනැමෙන්නේ රජය පිහිටුවා ඇති කොවිඩ් සහන අරමුදල මගිනි. පළමු දිනුම් ඇදීම මැයි 26 වැනි දින පැවැත්වෙනු ඇති බව සඳහන් වේ. මෙම ලොතරැයියට සහභාගි විය හැක්කේ වැඩිහිටි ජනතාවට පමණි. මෙයට අමතරව වයස අවුරුදු 12-17 අතර පුද්ගලයන්ට සහභාගි විය හැකි ලොතරැයියක් ද පැවැත්වීමට ඔහියෝ ප්‍රාන්තය සැලසුම් කර ඇත. නමුත් එහි ජයග්‍රාහකයන්ට තෑගි මුදල් පිරිනැමීමක් සිදු නොවේ. ඔවුන්ට පිරිනමනු ලබන්නේ රජයේ විශ්වවිද්‍යාලයක වසර 4 ක පාඨමාලාවක් සඳහා ශිෂ්‍යත්වයකි.

ඇමෙරිකාව මේ වන විට එන්නත්කරණය අතින් ඉදිරියෙන්ම සිටින රටකි. ජනගහනයෙන් සියයට 58 කට පමණ එන්නත් ලබා දී ඇති බව වාර්තා වේ. ඇමරිකාවේ නිදහස් දිනය සමරන ජුලි 4 වැනි දින වන විට ජනගහනයෙන් සියයට 70 කට එන්නත ලබා දීම ජනාධිපති ජෝ බයිඩ්න්ගේ අපේක්‍ෂාවයි. කෙසේ වෙතත් එන්නත් ලබා ගැනීමට එන සංඛ්‍යාවෙහි යම් අඩු වීමක් පසුගිය සතිවල දක්නට ලැබිණි. එන්නත් සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති සැක සංකා මෙයට හේතු වී ඇතැයි යන්න බලධාරීන් ගේ අදහසයි. එන්නත් ලබා ගැනීමට ජනතාව උනන්දු කිරීම සඳහා විවිධ ප්‍රාන්තවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. තෑගි මුදල් ලබා දීම, ක්‍රීඩා තරග නැරඹීමට ප්‍රවේශපත් ලබා දීම, විවිධ ආහාර පාන ආදිය නොමිලයේ ලබා දීම වැනි උපක්‍රම ඒ අතර වන බව සඳහන් ය.

සහන් වික්‍රමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොවිඩ් මරණ 19ක්

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ...

මුල්ලේරියාවේ සිදුවූ අභිරහස් ඝාතනයේ සුලමුල CCTV දර්ශනවලින් හෙළිවෙයි

මුල්ලේරියාව පොලිස් වසමේ දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී අද (26) සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් එම නිවසට...

කොරෝනා සුව වී ගෙදර ආ උපසභාපතිට සිදු වූ විපත

වව්නියාව දෙමළ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිට කොරෝනා අසාදනය වී සුවවීමෙන් අනතුරව ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන්...

අපහසුතා ඇතත් ආදරණිය යුවළකගේ විවාහයේ ඡායාරූප

ජිවිතේ විඳින්න, අත්දැකීම් ගන්න, කන් ඇහෙන්නම ඕන නැහැ. මොන ආබාධයක් තිබ්බත් හිතේ හයියෙන් ජිවිතේ...

ඖෂධ සංස්ථාවේ සභාපතිට ජනපති ඉන්න කියයි

ඖෂධ සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත්වීමට වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ගත් තීන්දුව මසකින් කල් දමන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x